ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට ගිණිකොණින් කිලෝමීටර් 530ක් දුරින් ස්ථානගත වෙයි
Tuesday, 01 December 2020 - 11:09 | Views - 684
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය මේ වනවිට ත්‍රිකුණාමලයට ගිනිකොණ දෙසින් කිලෝමීටර් 530 ක් දුරින් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
එය ඉදිරි පැය 24 තුළ එය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
මෙම සුළි කුණාටුව මඩකලපුව සහ පේදුරු තුඩුව අතරින් ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට හෙට සවස් කාලයේ ඇතුළුවිය හැකියි.
ඒ අනුව, නැවත දැනුම්දෙනතුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතු වලින් වළකින ලෙසයි එම දෙපාර්තමේන්තුව යළි දැනුම් දෙන්නේ.
Share This Article