බබා වැන්ගා ගේ 'මකරා' ලෝකයම අල්ලා ගනී ද?
Tuesday, 01 December 2020 - 9:13 | Views - 548

2020 වර්ෂය ගෝලීය ආර්ථිකය වෙනස්ම මානයකින් ගොඩනැඟුණු වසරක් විය. එහි සුවිශේෂී කඩයිමක් තහවුරු කරමින් ගෝලීය ආර්ථිකයෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් ආවරණය කරමින් රටවල් පහළොවක් ලොව විශාලතම වෙළෙඳ හවුල අන්තර්ජාල තාක්ෂණය භාවිතා කරමින් පිහිටුවා ගනු ලැබිණි. Regional Comprehensive Economic Partnership (RCEP) හෙවත් ‘කලාපීය පරිපූර්ණ ආර්ථික සහයෝගිතාවය’ ලෙස හැඳින්වෙන මේ එකමුතුව ගිනිකොණදිග ආසියානු රටවල් 10කින් ද, දකුණු කොරියාව, චීනය, ජපානය, ඔස්ටේ්රලියාව සහ නවසීලන්තයෙන් ද සමන්විත වේ. RCEP හි සාමාජික රටවලට ලෝක ජනගහණයෙන් තුනෙන් එකක් අයිති වන අතර, ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 29%ක් ද අයත් වේ.
මෙම නව නිදහස් වෙළෙ`ද හවුල යුරෝපා සංගමයට ද එක්සත් ජනපද - මෙක්සිකෝ සහ කැනඩා එකඟතාවට ද වඩා විශාල ය. මෙම RCEP වෙළෙඳ හවුල මගින් වසර විස්සක් ඇතුළත තීරු බදු රාශියක් ඉවත් කරන්නට බලාපොරොත්තු වන අතර ඊට බුද්ධිමය දේපල, විදුලි සංදේශනය, මූල්‍යමය සේවාවන්, e-වාණිජ්‍යය, සහ වෘත්තීමය සේවාවන් ද ඇතුළත් වෙයි.
RCEP යටතේ සාමාජික රටක කොටස් සමානව සලකනු ලැබෙනු ඇති අතර, මෙය RCEP රටවල සමාගම්වලට එම රටවල සාමාජියන් අතරින්ම නිෂ්පාදකයන් සෙවීමට කරන පෙළඹවීමක් වනු ඇති බව දක්වන නමුත් මේ එකමුතුව මෙම කලාපය තුළ පවත්නා චීනයේ බලපෑමේම දිගුවක් ලෙස විශ්ලේෂකයන් පෙන්වා දේ.
අද වන විට මෙතෙක් යුරේපියානු කලාපයේ කේන්ද්‍රගතව තිබූ ලෝක බල තුළනය ආසියානු කලාපය දෙසට දෝලනය වන බව පැහදිලිව පෙනී යන කරුණකි. සිය ධූරයේ වැඩ කරයුතු භාරගෙන මද කාලයකට පසුව ජනාධිපති ට්‍රම්ප් එක්සත් ජනපදය Trans-Pacific Partnership (TPP* නම් වෙළෙඳ හවුලෙන් ඉවත් කර ගත්තේ ය. මෙම RCEP ගිවිසුම සම්බන්ධයෙන් කතාබහ ඇරැුඹුණේ 2012 දී පමණ ය. RCEP හවුල එතරම් පුළුල් නොවන අතර (TPP* හවුලේ අනුප්‍රාප්තිකයා ලෙස තීරු බදු කපාහැරීමක් සිදු කරන්නේ ද නැත. එහෙත් බොහෝ විශ්ලේෂකයන්ට අනුව RCEP හවුලේ ප්‍රමාණයම එය වැදගත් එකමුතුවක් බවට පත් කරයි. ආර්ථික විද්‍යාඥයකු වන රිචඞ් බිස්වාස් පවසන්නේ, මෙම ගිවිසුම RCEP සාමාජිකයන්න්ගේ දළ දේශීය නිෂ්පාදිතය ඉහළ නංවන්නට හේතුවනු ඇති බවයි. නමුත් ”බහු පාර්ශ්විකත්වයේ සහ නිදහස් වෙළෙඳාමේ ජයක්”ලෙස චීනය හඳුන්වන මෙම වෙළෙ`ද ගිවිසුමෙන් අනෙක් සාමාජික රටවලට වඩා ප්රතිලාභ ලබන්නේ චීනයට, ජපානයට සහ සහ දකුණු කොරියාවට බව ඇතැම් විශ්ලේෂකයෝ පවසයි. අඩු කරන ලද තීරු බදු එරට දේශීය නිෂ්පාදකයන්ට අනිසි ලෙස බලපානු ඇතැයි කියමින් මෙම ගිවිසුමේ ප්‍රබල හවුල්කාරයකු වූ ඉන්දියාව මෙයින් ඉවත් වීමත් සමඟ චීනය ලොව කේන්ද්‍රීය මධ්‍යස්ථානයක් කරා යන ගමනට මෙමගින් කදිම අවස්ථාවක් හිමිවිය.
ලෝකයෙන් හුදකලා වී සිටි චීනයට ලොව බලවත්ම ආර්ථිකයක් සහිත රාජ්‍යයක් බවට පත් වීමට ගතවූයේ
වසර 70 කටත් අඩු කාලයකි. කොමියුනිස්ට් පක්ෂය පාලනය භාර ගන්නා විටත් ඉතාම දුප්පත් රටක් වූ චීනය වෙළෙඳ හවුල්කරුවන් නොමැතිව, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොමැතිව තනිවම ගමන් ඇරඹූ අතර 2010 වර්ෂය වන විට චීනය ලෝකයේ දෙවන බලවතා බවට පත් විය. මා ඕ සේතුංගේ කාර්මීකරණ ප්‍රතිපත්තියෙන් පසු විසිවන සියවසේ දී ලෝක ඉතිහාසයේ දරුණුම සාගතයකට මුහුණ දුන් චීනය 2020 වන විට දිළිඳු බව සම්පූර්ණයෙන්ම තුරන් කළ මාවතකට අවතීර්ණ වී ඇත. නව වෙළෙඳ මාර්ග සඳහා දොරටු විවර කර ගැනීමටත්, ආයෝජන ආකර්ෂණය කර ගැනීමටත් පසුගිය වසර හතළිස් වසර තුළ වෙළෙඳ ප්‍රතිසංස්කරණ මාලාවක් හඳුන්වා දුන් චීනය මුළු ලෝකයේම වැඩපළ බවට පත් විය. චීනය වෙනත් රටවලට පනවා තිබූ වෙළෙඳ සීමා හා තීරු බදු ලිහිල් කළ බැවින් ඔවුන්ගේ භාණ්ඩ ලොව පුරාම දක්නට ලැබිණි. එය චීනයේ වෙළෙඳපොළ ආක්රමණයේ ප්‍රමුඛස්ථානයේ සිටින රටක් වන ශ්‍රී ලංකාවේ වෙසෙන ජනතාවට නම් පැහැදිලිව පෙනෙන සහ දැනෙන කාරණාවකි.
එක්සත් ජනපදයට පසුව යුද වියදම් අතින් දෙවන ස්ථානයේ සිටින චීනය යුද අවි වෙනුවෙන් වැඩිම වියදමක් දරන ආසියානු රාජ්‍යයි. ඩොනල්ඞ් ට්‍රම්ප් බලයට පත් වූ සැණින් ඔහුගේ ”ඇමරිකාව ප්රමුඛ කරගත් න්‍යාය පත්‍රය (America First පෙරට තැබූ අතර ආසියා ශාන්තිකර සහයෝගීතා සංවිධානයේ රටවල් දොළහක් සමඟ පැවති ප්‍රධාන වෙළෙඳ ගිවිසුමක් අත්හිටුවීමට පියවර ගැනුණි. ඔහු එවැනි පියවරක් ගත්තේ ඇමරිකානු ආර්ථික අභිලාශයන්ට හානිකර, ලෝකයේ නිදන්ගත මට්ටමින් මුල් බැසගත් වෙළෙඳ අවභාවිතය තවදුරටත් නොඉවසන බවට පවසමිනි. ට්‍රම්ප් විසින් ඇමරිකානු ජනාධිපතිවරණ සමයේ චීනයේ විදේශ වෙළෙඳ ප්‍රතිපත්ති දැඩිව විවේචනය කළේ ඔවුන් ඇමරිකාවේ රැුකියා හොරා ගන්නා බවත්, විදේශ මුදල් අවභාවිතා කරන බවත් පවසමිනි. කෙසේ වෙතත් නව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ ආර්ථික ප්‍රතිපත්ති මීට වඩා වෙනස් වේ ද යන්න තවමත් ප්‍රශ්නාර්ථයක් වන්නේ ඔහුට සිය ජනපති ධූරයේ වැඩ ක්‍රියාත්මක කිරීමට සිදු වන්නේ නව වසරේ දී වීම හේතුවෙනි.
නමුන් චීන ජනාධිපති ෂී -ජින් පින් පවසන්නේ නිදහස් වෙළෙඳ ලෝකයේ චීනය ප්රමුඛස්ථායට පත් කෙරුණ ගෝලීයකරණය ආපසු හැරවිය නොහැකි ආර්ථීක ක්‍රියාදාමයක් බවයි. ඇතැම් විශ්ලේෂකයන් පවසන්නේ මා ඕ-සේතුංගෙන් පසු චීනයේ වැඩිම බලයක් තහවුරු කරගත් රාජ්‍ය නායකයා ෂී - ජින් පින් බවයි. චීනය ලෝක ආර්ථිකයේ ප්රමුඛස්ථානයක් කරා මෙහෙයවන ඔහු ආසියා ශාන්තිකර කලාපයේ ”බහුපාර්ශ්වීය භාවය (multilateralism* තහවුරු කළ යුතු බව පවසයි.
රටවල්වලට ආධාර සැපයීමේ තරගයක සිටින චීනය සපයන අධාර සහ ණය වලින් විශාල පංගුවක් අප්‍රිකානු රටවල් හිමි කරගන්නා අතර මේ වන විට සහනයක් අවශ්‍ය වූ අවස්ථාවලදී ජාත්‍යන්තර මූල්‍ය හමුවට නොයා ඒ වෙනුවට චීනය වෙත රටවල් යොමු වීම වැඩි වෙමින් පවතී. මෙම ණය ලබා දීමේ ප්‍රතිපත්තිය ද ඔවුන්ගේ දිගු කාලීන ආර්ථික සැලසුමක් වන අතර මේ වන විට ශ්‍රී ලංකාව ද චීනයේ බලපෑමට පූර්ණකාලීනව හසු වූ රටකි. චීනය තම ආර්ථික සැලසුම් ගෝලීය වශයෙන් මෙහෙය වීමට මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති රැුසක් විදෙස් රටවල් රාශියක මේ වන විට දියත් කළ ඇති අතර ඔවුන් හඳුන්වා දෙන ”සේද මාවත” ව්‍යාපෘතිය ඉන් එක් වැදගත් සංවර්ධන ව්‍යාපෘතියකි. එසේම චීන ජනපති ෂී ජින් පින් පවසන්නේ චීනය සෙලවිය හැකි වෙනත් බලවේගයක් ලෝකයේ නොමැති බවය.
කෙසේ නමුත්, ජාත්‍යන්තර ආර්ථිකය ස`දහා වන පීටර්සන් ආයතනය ඇස්තමේන්තුගත කරන පරිදි මෙම RCEP හවුල හරහා 2030 වන විට ගෝලීය දේශීය ආදායම වාර්ෂිකව ඇ.ඩො. බිලියන 186කින් ඉහළ යනු ඇති අතර 0.2%ක් ද එහි සාමාජික රටවල ආර්ථිකයට ද එකතු වනු ඇත. මෙමඟින් ඊසානදිග ආසියාව සම්බන්ධයෙන් එහි සුවිශේෂි වෙළෙ`ද සහ තීරුබදුවලට අදාළ තත්ත්වයන් දැකීමට පිළිවන් වනු ඇතැයි Economist Intelligence Unitys නික් මාරො කියයි.
එමෙන්ම චීනය ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුම් කීපයකම සාමාජිකත්වය දැරූවද, එය කලාපීය බහුපාර්ශ්වික වෙළෙඳ ගිවිසුමක සාමාජිකත්වය දරන්නේ ප්‍රථම වරට මෙම RCEP හවුල ඔස්සේ වන අතර එය ඔවුන්ගේ ගෝලීය උපරි ව්‍යුහයට (Global Super Society) අයත් රටවල් වෙත ප්‍රවේශ වීමේ සාර්ථක උත්සාහයක් වනු ඇති බව නොඅනුමානය.
වර්ෂ 1911 දී ජීවත් වූ ලෝක ප්‍රසිද්ධ විශ්මිත සාර්ථක අනාවැකි පැවසූ අන්ධ පේනකාරියක් වන බබා වැන්ගා පවසා ඇත්තේ අවසානයේ දී ශක්තිමත් මකරෙකු විසින් මනුෂ්‍ය වර්ගයා අල්ලා ගන්නා බවයි. පරිවර්තකයන් අනුමාන කරන්නේ මෙකී අනාවැකියේ පවසන ”මකරා” දැනටමත් ප්‍රබල බලවතෙකු වන චීන රාජ්‍යය ලෙස වන අතර මේ යන ආකාරයට නම් එය සිදුනොවීම නම් අරුමයක් පමණි.
නෙතුනි තාරිකා
ජන මාධ්‍ය අධ්‍යයනාංශය,
කොළඹ විශ්වවිද්‍යාලය
ශ්‍රීපාලි මණ්ඩපය.
Share This Article