කොරෝනා මරණ ආදාහනය කිරීම අනිවාර්ය කර ඇති ගැසට්ටුවට එරෙහි පෙත්සම සලකා බැලීම අද
Tuesday, 01 December 2020 - 9:03 | Views - 295
කොරෝනා ආසාදනයෙන් මරණයට පත්වන පුද්ගලයින්ගේ මෘත ශරීර ආදාහනය කිරීම අනිවාර්ය කරමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද සලකා බැලෙනවා.

කොරෝනා වසංගතයෙන් මරණයට පත්වන මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු ආදාහනය කිරීම අභියෝගයට ලක් කරමින් සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, මියගිය මුස්ලිම් ජාතිකයින්ගේ ඥාතීන් ඇතුළු පාර්ශව 11 ක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පද්මන් සූරසේනගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් ඊයේ සලකා බැලු‍වා. එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ කොරෝනා ආසාදනය වී මිය යන පුද්ගලයකු  භූමදානය කිරීමෙන් වෛරසය ව්‍යාප්ත වන බවට මෙතෙක් කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් හමුවී නොමැති බවයි.

අනතුරුව නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටිමින් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් නෙරින් පුල්ලේ, මෙම පෙත්සම හරහා අධිකරණය හමුවේ විනිශ්චයට භාජනය කර තිබෙන්නේ සෞඛ්‍යමය කරුණක් බව පෙන්වා දුන්නා.

එබැවින් මේ සම්බන්ධයෙන් තීරණයක් ගත හැක්කේ සෞඛ්‍ය විශේෂඥයින්ට පමණක්  යැයි පෙන්වා දුන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා ඒ පිළිබඳව අධිකරණයකට තීරණයක් ගත නොහැකි බවද කියා සිටියා. ඔහු පෙන්වා දුන්නේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වන ආකාරය පිළිබඳව වෛද්‍ය විශේෂඥයන් හා විද්‍යාඥයින් තවදුරටත් විමර්ශන සිදු කරමින් සිටින පසුබිමක එම මෘත ශරීර භූමදානය කිරීමෙන් එම වෛරසය ව්‍යාප්තිය සිදුනොවන බවට අධිකරණ ශාලාව තුළ සිට පෙත්සම්කරුවන් ඉදිරිපත් කරන ප්‍රකාශ  පිළිගත නොහැකි බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top