මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරේ ආසාදිතයින් 20,000 ඉක්මවයි
Tuesday, 01 December 2020 - 8:07 | Views - 304
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත කොරෝනා පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ 20,000 සීමාව ඉක්මවා ගියා.

ඒ, ඊයේ දිනයේදී හඳුනාගත් නව ආසාදිතයින් 469 දෙනෙකු සමඟයි. ඒ අනුව මේ වනවිට එම පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 20,442 ක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ වනවිට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 23,987 ක් වන අතර, තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,309 ක් ලෙසින්. වෛරසය ආසාදනය වීමෙන් අනතුරුව සම්පූර්ණයෙන්ම සුවය ලැබූ සංඛ්‍යාව 17,560 ක්.

එසේම, ඊයේ දිනයේදී තවත් කොරෝනා ආසාදිත මරණ දෙකක් වාර්තා වුණා. ගලහ ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ අටලුගම ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි කාන්තාවක් එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ඔවුන් අතරින් පිරිමි පුද්ගලයා පේරාදෙනිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇති අතර, මරණයට හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ අධි රුධිර පීඩනය, දියවැඩියාව සහ කොරෝනා ආසාදනය සමඟ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක්.

අටලුගම පදිංචි කාන්තාව නිවසේදී මියගොස් ඇති අතර, කොරෝනා සමඟ උග්‍ර වූ අධි රුධිර පීඩනය, දියවැඩියාව සහ රුධිරගත කොලෙස්ටරෝල් ප්‍රමාණය මරණයට හේතුව ලෙස දැක්වෙනවා. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 118 දක්වා ඉහළ යනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top