මහර බන්ධනාගාරයේ තුවාල ලැබූ සංඛ්‍යාව 107ක් වෙයි
Tuesday, 01 December 2020 - 8:02 | Views - 311

මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි විසින් පංච පුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා.
විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ ජනාධිපති නීතිඥ යූ. ආර් ද සිල්වා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රෝහණ හපුගස්වත්ත, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණී ජයසිංහයි. සිද්ධිය සම්බන්ධයෙන් අතුරු වාර්තාවක් සතියක් තුළ ලබාදෙන ලෙස අධිකරණ අමාත්‍යවරයා එම කමිටුවට උපදෙස් ලබාදී තිබෙනවා.
මහර බන්ධනාගාරයේ කොරෝන අසාදිත රැඳවියන් 187 දෙනෙකු කොළඹ බන්ධනාගාරයේ විශේෂ ඒකකයක් වෙත රැගෙනවිත් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්ප්පති අජිත් රෝහණ කියා සිටියේ සිද්ධියෙන් මියගිය රැඳවියන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීමේදී ඔවුන් හඳුනා ගැනීම සඳහා ලබාදී තිබූ අංක සහ අදාළ ලිපි ලේඛණ විනාශ වී තිබීම බාධාවක් වී ඇති බවයි.
පෙරේදා රාත්‍රියේ ඇති වූ මෙම සිද්ධියෙන් 08 දෙනෙකු මියගිය අතර 107 දෙනෙකු තුවාල ලැබුවා. ඉන් 10 දෙනෙකුට පමණ බරපතල අතර 15 දෙනෙකුට ශල්‍යකර්ම සිදු කළ බවද රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂකවරයා සඳහන් කළා.
Share This Article