වසර 15කට පසු බොක්සිං වළල්ලට පැමිණි මයික් ටයිසන් තීරණාත්මක තරඟයෙන් පසු කී අපුරු කතාව -Photos
Monday, 30 November 2020 - 15:33 | Views - 395
බොක්සිං වළල්ලේ කාගේත් අවධානය දිනා  ගත් අපූරු චරිතයක් තමයි මයික් ටයිසන් කියන්නේ. බොක්සිං වළල්ලේ සෑම තරඟකරුවෙකුටම පාහේ හිසරදයක් වූ ඔහු  2005 වර්ෂයේදී  බොක්සින්  පිටියට සමුදීමට තීරණය කර තිබුණා.

ලොව සිටින දරුණුතම මිනිසා නම් විරුදාවලිය ලද ඔහු බොක්සිං ඉතිහාසයේ මෙතෙක් ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකි.

1987 වර්ෂයේ සිට 1990  වර්ෂය දක්වාම ඔහු the undisputed world heavyweight champion ලෙස සිට තිබෙන අතර  වසර 15 කට පසු යළිත්  තරඟ  බිමට පැමිණියා.

Roy Jones Jr සමඟ පැවැත්වූ  මෙම තරඟය ප්‍රදර්ශනාත්මක  තරඟයක් වන අතර මෙම තරඟය තරග වට 8කින් සමන්විත වුවා. කෙසේනමුත් මෙම තරඟය ජය පරාජයකින් තොරව නිම වුනු අතර තරඟයෙන් පසු පවසා තිබුනේ මෙවන් අදහසක් .

" ඇත්තටම මට  දුම් පානය කිරීමට සිදුවූ වුවා. මට දුම් පානය කළ යුතුයි, මට කණගාටුයි. මම දුම් පානය කරන්නෙක්… මම හැමදාම දුම් පානය කරනවා. මම කවදාවත් දුම්පානය නැවැත්තුවේ නැහැ. ' යනුවෙනි .

එමෙන්ම ඔහු ඒ පිලිබදව වැඩිදුරටත් සදහන් කර තිබුනේ ඔහු මීට වසර තුනකට පමණ පෙර කොකේන් භාවිතය නැවැත්වූ නමුත් marijuana පානය කිරීම දිගටම කල බවත්ය.

" එක මගේ හැටි  'එය මා කරන දේ සහ මා සිටින ආකාරය. එයට කිසිම පැහැදිලි කිරීමක් නැත. ආරම්භයක් නැත, අවසානයක් නැත ... එයින්  මට වේදනාව දැනෙන්නේ නැත. " යනුවෙනි .

එමෙන්ම ස්වේච්ඡා  මත්ද්‍රව්‍ය නාශක විරෝධී සංගමය විසින් සෑම බොක්සිං ක්‍රීඩකයෙකුටම සටනට පෙර පරික්ෂා කරන නමුත් මරිජුවානා යනු  තහනම් ද්‍රව්‍යයක් නොවන බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ.


































Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top