දිගන යළි සුළු භූ චලනයක්
Monday, 30 November 2020 - 13:23 | Views - 333
මහනුවර - දිගන - අඹකොටේ ප්‍රදේශයේ සුළු භූ චලනයක් සිදුව තිබෙනවා.

ඊයේ රාත්‍රි 8.45ට මෙම භූ චලනය සිදුව ඇති බවයි ප්‍රදේශවාසීන් කියා සිටියේ.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශයෙන් විමසීමක් කළා.

එහි සභාපති අනුර වල්පොල ප්‍රකාශ කලේ ඊයේ රාත්‍රියේ දිගන ප්‍රදේශයට බලපා ඇති සුළු භූ කම්පන තත්වය රික්ටර් මාපක 2ට වඩා අඩු අගයක් ගන්නා බවයි.

එය පල්ලෙකැලේ භූ කම්පන මානයේ සටහන් වී ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

මේ අතර පසු ගිය මාස දෙකක පමණ කාලයක් තුල මහනුවර ප්‍රදේශයේ ඇතැම් ප්‍රදේශවල ඇතිවූ භූ කම්පන සම්බන්ධයෙන් විමර්ශන සදහා පත්කළ කමිටුව මේ පිලිබදව වැඩි දුර පරීක්ෂණ සිදු කරන බව ද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල වැඩි දුරටත් ප්‍රකාශ කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top