කොළඹ කොරෝනා ව්‍යාප්තිය අඩුවෙයි - වෛරසය ගැනත් අලුත් අනාවරණයක්
Monday, 30 November 2020 - 13:05 | Views - 1,763
කොළඹ මහ නගර සභා සීමාව තුළ කොරෝනා වෛරස ව්‍යාප්තියේ අඩුවීමක් ඉදිරියේදී දක්නට ලැබෙනු ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මේ බව ප්‍රකාශ කළේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් අද මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙරටින් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 23,484 දෙනෙකු වාර්තා වන අතර, ඊයේ දිනයේදී හඳුනාගත් නව ආසාදිතයින් සංඛ්‍යාව 496 ක්.

එම නව ආසාදිතයින් අතරින් වැඩිම සංඛ්‍යාවක් වූ 167 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

එසේම, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 56 දෙනෙකු සහ පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 53 දෙනෙකු ඊයේ දිනයේ හඳුනාගෙන තිබුණා.

කෙසේ වෙතත්, මේ වනවිට හඳුනාගන්නා ආසාදිතයින්ගේ ශරීරය තුළ පවතින කොරෝනා වෛරස ධාරිතාවේ අඩුවීමක් දක්නට ලැබෙන බවයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර වැඩිදුරටත් කියා සිටියේ.

මේ වනවිට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත කොරෝනා පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 19,946 ක්. ඉන් 13,594 දෙනෙකු මේ වනවිට සම්පූර්ණයෙන්ම සුවය ලබා තිබෙනවා.

මේ අතර, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි පුද්ගලයින් තුන් දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව ඊයේ තහවුරුවීමෙන් අනතුරුව එහි කම්කරුවන් 50 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ පියවර ගනු ලැබුවා.

එසේම, ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් 03 ක සේවය කළ සේවකයින් 34 දෙනෙකුද මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.

කෙසේ වෙතත්, ආසාදිතයින් වාර්තා වීමෙන් අනතුරුව වෙළඳ කටයුතු සඳහා විවෘත කෙරුණු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළුවන දොරටු අසල දෑත් සේදීම සඳහා යොදා තිබූ සියලු පහසුකම් අද ඉවත්කර තිබීම හේතුවෙන් ගොවීන් සහ ව්‍යාපාරිකයින් දැඩි අපහසුතාවකට මුහුණ දුන්නා. ප්‍රධාන මාර්ගය ඉදිරිපිට කාණු පද්ධතිය අළුත්වැඩියා කිරීම නිසා ඒවා ඉවත් කර තිබූ අතර ඊට විකල්ප ක්‍රියාමාර්ගයක් ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරය විසින් යොදවා තිබුනේ නැහැ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top