දේශපාලන පටු වාසි තකා යොදාගත් සතොස නැවත ගොඩනැගීමට රජය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නවා
Monday, 30 November 2020 - 11:50 | Views - 269
දේශපාලන පටු වාසි තකා යොදාගත් සතොස නැවත ගොඩනැගීමට රජය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා සිටියා.

ඒ , සතොස යළි ගොඩනැගීම අරමුණු කරගනිමින් 2021 වර්ෂය සඳහා වූ උපායමාර්ග සකස් කිරීමේ සම්මන්ත්‍රණයේදීය.

එම අවස්ථාවේ දී සතොස ආරම්භ කරන ලද හිටපු වෙළෙඳ අමාත්‍ය දිවංගත ලලිත් ඇතුළත්මුදලි මහතාගේ දායකත්වයත් එතුමාගේ ධූර කාලයෙන් පසුව බිහිවූ සමහර රජයන් යටතේ සතොස ආයතනය දේශපාලනීකරණය වීමෙන් සිදු වූ විනාශය පිළිබඳවත් මෙහිදී අමාත්‍යවරයා විසින් අදහස් දක්වන ලදී.

එමෙන්ම සම්ප්‍රදායෙන් බැහැරව, සතොස ගොඩනැගීම සඳහා ජාවාරම්කරුවන් සමඟ ගැටෙමින් කිසිදු පෞද්ගලික ලාභ ප්‍රයෝජනයක් නොලබමින් හා කිසිදු පුද්ගලික න්‍යාය පත්‍රයකින් තොරව කටයුතු කිරීම තම දේශපාලන ජීවිතයේ ඒකායන පරමාර්ථය බවත් කිසිදු බලපෑමකින් මෙම අරමුණ කිසිසේත් වෙනස් නොකරන බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කරන ලදී.

බෙදා හැරීම් ජාලය ශක්තිමත් කරමින්, සතොස නව ශාඛා ජාලය වඩාත් ව්‍යාප්ත කරමින් හා ආර්ථික මධ්‍යස්ථාන ඇති කරමින් සතොස අලෙවි සැල් මෙන්ම වෙළෙඳ අමාත්‍යාංශය මඟින් දියත් කරනු ලබන Q-shop වැනි ව්‍යාපෘතීන් ද හුදෙක්ම දේශීය නිෂ්පාදකයින් වෙනුවෙන් හා පාරිභෝගික ජනතාවට ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ අවම හා සාධාරණ මිළට ලබා දීම වෙනුවෙන්ම බිහි කරන ලද බව ද එම ව්‍යාපෘති වල අරමුණු කිසිසේත් වෙනස් වීමට ඉඩක් ලබා නොදෙන බවද මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කරන ලදී.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top