ශ්‍රී ලංකාවේ කාවන් හස්තියා පාකිස්ථානයේ සිට කාම්බෝජයට ගුවනින් රැගෙන යයි
Monday, 30 November 2020 - 9:39 | Views - 4,348
ලොව හුදෙකලාම හස්තියා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර සත්වෝද්‍යානයක රඳවා සිටි ශ්‍රී ලංකාවේ කාවන් හස්තියා කාම්බෝජයේ වනාන්තර අභය භූමියක් වෙත ඊයේ නික්මුණා.
රුසියානු ජම්බෝ ජෙට් යානයක රැඳවූ විශේෂිත කුටියකට ඇතුළු කළ කාවන් උතුරුදිග කාම්බෝජයේ - සියම් රීප් හි අක්කර 25,000 ක අභය භූමියකට රැගෙන යන්නේ සුප්‍රකට පොප් ගායිකා සහ හොලිවුඩ් සිනමා නිළි ෂර් ගේ අනුග්‍රහයෙන්.
කිලෝග්‍රෑම් 200 ක් පමණ බරැති කාවන්ගේ දිගු ගුවන් ගමනට අවශ්‍ය කෙසෙල් කොමඩු වැනි ආහාර ද්‍රව්‍ය එහි ඇතුළත් කර තිබුණා.
1985 වසරේදී ලක් රජය විසින් පිරිනමන ලද මෙම හස්තියා ඉස්ලාමාබාද් සත්වෝද්‍යානයේ වසර 35 ක් පමණ දෙපාවලට දම්වැල් යොදවා රඳවා සිටි බව සඳහන්.
කාවන්ගේ තනියට රැගෙන ආ සහකාරිය සහේලි 2012 වසරේදී මියගියේ අධික උණුසුම නිසා ඇති වූ හෘදයාබාධයකින්.
එතැන් සිට හස්ති ඇසුරකින් තොරව හුදකලාව සිටි කාවන් මුදා ගැනීම සඳහා සත්ත්ව අවිහිංසා සංවිධාන දැවැන්ත ව්‍යාපාරයක් දියත් කළ අතර, එහි පෙරමුණ ගත් පොප් ගායිකා ෂර් ඒ සඳහා ඩොලර් හාරලක්ෂයකට අධික මුදලක් එක්රැස් කරදීමට සමත්වුණා.
Share This Article