පිටකොටුව, වෙරළබඩ සහ මට්ටක්කුලිය ඇතුළු ප්‍රදේශ කිහිපයක් අද සිට විවෘතයි
Monday, 30 November 2020 - 8:04 | Views - 400
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පොලිස් බල ප්‍රදේශ කිහිපයක අද අලුයම පහේ සිට හුදෙකලා බවින් නිදහස් කෙරුණා.

ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයේ වෙරළබඩ සහ පිටකොටුව පොලිස් බල ප්‍රදේශවල හුදෙකලා තත්ත්වය ඉවත් කළ අතර, රන්දිය උයන නිවාස යෝජනා ක්‍රමය, ෆර්ගියුසන් පාර හැර මට්ටක්කුලිය පොලිස් බල ප්‍රදේශයේ සෙසු ප්‍රදේශද හුදෙකලා බවින් ඉවත් කර තිබෙනවා.

එසේම, ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම සහ මීගමුව පොලිස් බල ප්‍රදේශද අද  අලුයම පහේ සිට හුදකලා බැවින් නිදහස් කළා.

කෙසේ වෙතත්, වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමය, සාලමුල්ල සහ විජයපුර යන ග්‍රාමසේවා වසම් අද උදෑසන පහේ සිට හුදෙකලා කෙරුනු අතර, වත්තල, පෑලියගොඩ සහ කැළණිය පොලිස් බල ප්‍රදේශ තවදුරටත් පවතින්නේ හුදකලා තත්ත්වය යටතේයි.

මේ, අතර පිටකොටුව අද අලුයම 5 සිට විවෘත කළත්  පැරණි මැනිං වෙළඳපොළ මෙන්ම, පිටකොටුව හතර වන සහ පස්වන හරස් වීථිවල වෙළඳ කටයුතු සිදුකිරීමට අවස්ථාව නොලැබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.

මේ අතර, රාජකාරි සඳහා පිටත්ව යන මගීන්ට හිඟයක් ඇති නොවන පරිදි අද සිට බස් රථ යොදවන්නැයි විෂය භාර රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම අදාළ බලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

එසේම, කාර්යාල සේවා ඇතුළු කොටුව දුම්රිය ස්ථානයට පැමිණෙන සහ ඉන් පිටත්වන දුම්රිය ගමන්වාර 104 ක් අද සිට ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top