ශ්‍රී ලාංකික පෙම්වතා සමග රටින් පැන ආ ජපන් තරුණියගෙන් විශේෂ හෙළිදරව්වක් මෙන්න
Monday, 30 November 2020 - 7:22 | Views - 485
තම මවත් ඇය සමඟ සබඳතා පවත්වන ශ්‍රී ලාංකිකයාත් අත්අඩංගුවට ගන්නා ලෙස මෙරට තරුණයෙකු සමඟ පළා විත් සැඟව සිටියදී අත්අඩංගුවට ගැනුණු ජපන් ජාතික තරුණිය පවසනවා.
 
දැනට පරිවාස භාරයේ සිටින එම තරුණියගෙන් හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී ඇය සඳහන් කළේ මව සමඟ සබඳතා පවත්වන ශ්‍රී ලාංකිකයා තමාව කිහිපවරක් අපයෝජනයට ද ලක්කළ බවයි.
 
ජපන් ජාතික බාල වයස්කාර තරුණියක් දෙමාපිය භාරකාරත්වයෙන්  පැහැර ගෙන මෙරටට රැගෙන ඒම සම්බන්ධයෙන් එම තරුණියගේ මව විසින් පසුගිය මාර්තු මාසයේදී මෙරට පොලිසියට පැමිණිලි කර තිබුණා.

මේ සම්බන්ධයෙන් මීගමුව - කොච්චිකඩේ පොලිසිය විමර්ශන සිදුකළ අතර ඉකුත් සතියේදී එම ජපන් ජාතික තරුණිය සහ ඇය පැහැර ගෙන ආ බව කියන තරුණයා අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ, මීගමුව වයික්කාල ප්‍රදේශයේදියි.
 
කෙසේවෙතත්, විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ජපන් ජාතික තරුණිය සහ ශ්‍රී ලාංකික තරුණයා අතර ඇති වූ ප්‍රේම සබඳතාවට තරුණියගේ මව විරුද්ධවීම හේතුවෙන් මීට මාස 5කට පෙර ඔවුන් මෙලෙස ජපානයේ සිට මෙරටට  පැමිණ ඇති බවයි.
 
අත්අඩංගුවට ගත් 16 හැවිරිදි ජපාන ජාතික තරුණිය සහ ශ්‍රී ලාංකික තරුණයා පසුගිය 26 වැනිදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.
 
එහිදී බාලවයස්කාර දැරියක් නීත්‍යනුකූල භාරකාරත්වයෙන් පැහැර ගෙන ඒම, ස්ත්‍රී දුෂණය සහ ස්ත්‍රී දුෂණයකට අදාළ ආධාර අනුබලදීම යන චෝදනා ශ්‍රී ලාංකික තරුණයාට එරෙහිව ගොනු කර තිබුණා.
 
මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ එම තරුණයා දෙසැම්බර් මස 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
 
එමෙන්ම දැනට ගැබිණියක්ව සිටින ජපාන ජාතික තරුණිය පරිවාසභාවයට යොමු කිරීමට අධිකරණය කටයුතු කළා.
 
කෙසේ වෙතත්, හිරු ප්‍රවෘත්ති ජපන් ජාතික තරුණියගෙන් මේ සිදුවීම සම්බන්ධයෙන් විමසීමක් සිදුකළා.
 
එහිදී ඇය සඳහන් කළේ, සිය මව සමඟ සබඳතා පවත්වන ශ්‍රී ලාංකිකයෙකුගෙන් තමන්ට සිදුවූ අඩන්තේට්ටන් සහ මවගෙන් සිදුවූ බලපෑම් හේතුවෙන් තමා තම පෙම්වතා සමඟ මෙරටට පළා ආ බවයි.  
 
(මම කැමැත්තෙන් තමයි ලංකාවේ තරුණයාත් සමඟ ආවේ. මට ගෙදරින් ගෙඩක් කරදර සිද්ධ වුණා. මගේ මව සමඟ සබඳතාවක් පවත්වන ශ්‍රී ලාංකිකයෙක් ඉන්නවා. ඔහුගේ නම කොස්තා. ඔහු මට ගොඩක් අඩන්තේට්ටම් කළා. කිහිප වරක්ම මාව අපයෝජනය කළා. මගේ අම්මා සහ ඔහු සමඟ අවස්ථා කිහිපයක් මම සංචාරවලට එක්වුණා. කිහිපවරක් ලංකාවටත් ආවා. ඒ ආපු අවස්ථාවකදීත් මාව අපයෝජනය කළා. පළමු වතාවට මාව ඔහුගේ අපයේජනයට ලක්වුණේ මගේ මව්රට වන ජපානයේදියි. ඒ මොහොතේ මගේ අම්මාත් සිටියා. ඔවුන් දෙදෙනාම බීමතින් සිටියේ. මේ සියලු සිදුවීම් වුණේ මගේ මවගේ අනුදැනුම යටතේයි. මට ආයෙත් ජපානයට යන්න බැහැ. ගියොතින් මගේ මව සහ ඇය සමඟ සබඳතා  පවත්වන කොස්තා නැමති ශ්‍රී ලාංකික පුද්ගලයාගෙන් මට හිරිහැර වෙන්න පුළුවන්. මම කියන්නේ මගේ අම්මාව සහ කොස්තාව අත්අඩංගුවට ගන්න කියලා. මම කැමැත්නේ තමයි මගේ ශ්‍රී ලාංකික පෙම්වතා සමඟ විවාහ වුණේ. මට ආයෙත් ජපානයට යන්න බැහැ. )
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top