ලෝක පූජිත මැරඩෝනාගේ දේහයට අවමන් කළ පුද්ගලයාට, මැරඩෝනාගේ අනුගාමිකයන්ගෙන් මරණ තර්ජන
Monday, 30 November 2020 - 7:14 | Views - 590
පාපන්දු ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයකු ලෙස සැලකෙන ආර්ජන්ටිනාවේ ඩියේගෝ මැරඩෝනාගේ දේහය මිනීපෙට්ටියේ තැන්පත් කර ඇති අවස්ථාවේ ඔහුගේ මුහුණට අත තබා ඡායාරූපයක් ලබාගත් අවමංගල්‍ය සේවකයා රැකියාවෙන් ඉවත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඩියාගෝ මොලීනා නමැති අදාල අවමංගල්‍ය සේවකයා සිය අතක් මැරඩෝනාගේ මුහුණේ තබා ඡායාරූපයක් ලබාගෙන තිබූ අතර එම ඡායාරූපය සමාජ මාධ්‍යවල පළවීමත් සමඟ මේ සම්බන්ධයෙන් දැඩි ලෙස කතා බහක් ඇති වුණා.
 
කෙසේ වෙතත් එම පුද්ගලයාගේ මෙම ක්‍රියාව සම්බධයෙන් මැරඩෝනාගේ අනුගාමිකයින් ඔහුට මරණ තර්ජන පවා එල්ල කර ඇති බවයි විදේස් මාධ්‍ය වාර්තා කර තිබුනේ.
 
ඩියේගෝ මැරඩෝනාගේ අනුගාමිකයි පවසන්නේ එම ක්‍රියාව මැරඩෝනාට සිදුකළ අවමානයක් බවයි.
 
කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් මැරඩෝනාගේ අවමංගල්‍යයේ කටයුතු සිදුකරන අදාල සමාගම අනුගාමිකයින්ගෙන් සමාව අයැද ඇති අතර අදාල සේවකයා සේවයෙන් නෙරපාහැරීමටයි කටයුතු කර ඇත්තේ.
 
මෙම සිද්ධියට සම්බන්ධ අවමංගල්‍ය සේවකයා ද සමාව අයැද ඇති අතර මැරඩෝනාගේ අනුගාමිකයන් සමාජ මාධ්‍ය ඔස්සේ තර්ජනය කර සිටියේ අවමංගල්‍ය සේවකයා මිය යා යුතු බවටයි.
 
මේ අතර... මැරඩෝනාගේ දේහය බැලීම සඳහා විශාල ජන ගඟක් පැමිණෙමින් සිටින අතර ආරක්ෂක අංශ විසින් බොහෝ පිරිසකට ප්‍රහාර එල්ල කර ඇති බව ද ඩේලිමේල් වාර්තා කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top