බෙංගාල බොක්කේ පීඩන අවපාතයෙන් ප්‍රදේශ කිහිපයකට වැසි කාලගුණයක්
Sunday, 29 November 2020 - 14:19 | Views - 208
ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඇති අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 24 තුලදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, බස්නාහිර, මධ්‍යම, සබරගමුව පළාත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට තවදුරටත් ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
ඒ අනුව දිවයින වටා මුහුදු ප්‍රදේශය සාමාන්‍ය වශයෙන් රළු වන අතර, කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු මුහුදු ප්‍රදේශ ද රළු විය හැකියි.
එම නිසා නැවත දැනුම්දෙනතුරු දිවයිනේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල තවදුරටත් නොයෙදෙන ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
Share This Article