මාලදිවයින් ආරක්ෂක අමාත්‍යවරිය අගමැති හමුවෙයි
Saturday, 28 November 2020 - 13:58 | Views - 173
මෙරට සංචාරයක නිරත වන මාලදිවයිනේ ආරක්ෂක අමාත්‍යවරිය වන මරියා අහමඞ් ඩිඩී ඇතුළු ධුත පිරිස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී තිබෙනවා.
ඒ, විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදීයි.
මත්ද්‍රව්‍ය, පාතාල කල්ලි ඇතුළු නීනිවිරෝධී ජාවාරම් මර්දනය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, ත්‍රස්තවාදය සහ අන්තවාදය මෙන්ම, ආරක්ෂක සහයෝගීතාව සම්න්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණු බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කළේ.
මාලදිවයිනේ ආරක්ෂක අමාත්‍යවරිය ඊයේ දිවයිනට පැමිණියේ ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රිය ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ ත්‍රෛපාර්ශවික හමුවට එක්වීම සඳහායි.
Share This Article