පට්ටලේ සමීර පන්නිපිටියේදී STF අත්අඩංගුවට
Saturday, 28 November 2020 - 10:57 | Views - 693
මෙරට ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කුඩු ලාල් සහ මහවත්තේ ප්‍රීමා නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සහ පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ රුක්ෂාන් සමීර මධුශංක හෙවත් පට්ටලේ සමීර නැමැත්තා මයික්‍රෝ වර්ගයේ පිස්තෝල අවියක් සහ එම උණ්ඩ 14ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත පන්නිපිටිය - කොට්ටාව පරණ පාර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
35 හැවිරිදි වියේ පසුවන සැකකරු ඉදිරි විමර්ශන සඳහා කොට්ටාව පොලීසිය වෙත භාර දී තිබෙනවා.
Share This Article