බෙංගාල බොක්කේ අඩු පීඩන තත්ත්වයක්
Saturday, 28 November 2020 - 10:43 | Views - 748
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඉදිරි පැය 24 තුළ අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වන බැවින් දිවයින අවට මුහුදු ප්‍රදේශවල කාලගුණය සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය හා මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
Share This Article