පී.සී.ආර්. වලට සහභාගි නොවන ලෙසට ජනතාව නොමඟ යැවූ පිරිසක් ගැන විමර්ශන
Saturday, 28 November 2020 - 8:23 | Views - 340
දැනට හුදෙකලා කර ඇති ඇතැම් ප්‍රදේශවල පී.සී.ආර්. පරීක්ෂණ සඳහා සහභාගි නොවන ලෙසට ජනතාව දැනුවත් කළ පිරිසක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ 4 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අන්තර්ජාලය ඔස්සේ මෙම කටයුතු සිදුකර ඇති බවට දැනට තොරතුරු ලැබී ඇති බවයි.
මේ අතර, අද උදෑසන 6න් අවසන් වූ පැය 24 ක කාලය තුළ මුඛ ආවරණ නොපැළදීම සහ දුරස්ථභාවය තබා නොගත් 52 නෙකු අත්ඩංගුවට ගෙන ඇති අතර ඒ අනුව එම චෝදනාවට මේ දක්වා අත්ඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 796 ක්.
Share This Article