ඇහැළියගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවක 44 දෙනෙකුට කොරෝනා
Friday, 27 November 2020 - 16:44 | Views - 369
ඇහැළියගොඩ, දියුරුම්පිටිය ප්‍රදේශයේ පිහිටා ඇති ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් කොවිඩ් 19 ආසාදිතයින් 07 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ සිදුකරන ලද PCR පරීක්ෂණ වලදී එම කර්මාන්ත ශාලාවේ තවත් 44 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

ඒ, අනුව එම කර්මාන්ත ශාලාවෙන් මේ වනවිට හඳුනගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 51ක් බවයි ඇහැළියගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළේ.

මෙලෙස කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් පිරිස ඇහැළියගොඩ, කුරුවිට, දෙහිඕවිට, අවිස්සාවේල්ල, රත්නපුර ආදී ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් සියලුදෙනා කහවත්ත සහ ඇඹිලිපිටිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා.

මේ අතර අදාල ඇඟලුම් කර්මාන්ත ශාලාවේ 1200ක්  පමණ වන සේවකයින් මේ වනවිටත් නිවෙස් තුල ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top