කටුනායක ගුවන් තොටුපළේ PCR රසායනාගාරයට නව PCR යන්ත්‍රයක්
Friday, 27 November 2020 - 15:31 | Views - 243
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ පිහිටි පී.සී.ආර්. වෛද්‍ය රසායනාගාරය වෙත නව පී.සී.ආර්.යන්ත්‍රයක් සහ පරීක්ෂණ කට්ටල 39,000ක් පිරිනමා තිබෙනවා.
ස්විට්සර්ලන්ත රජය සහ අන්තර්ජාතික සංක්‍රමණිකයන් සදහා වූ සංවිධානය විසින් මෙම පී.සී.ආර්.යන්ත්‍රය සහ පරීක්ෂණ කට්ටල පිරිනමා ඇති බවයි වාර්තා වන්නේ.
මෙම නව යන්ත්‍රය සවිකිරීමත් සමඟ දිනකට මෙම රසායනාගාරය තුළ පී.සී.ආර්.පරීක්ෂණ 1300ක ප්‍රමාණයක් සිදුකිරීමට හැකියාව පවතිනවා.
එම පරීක්ෂණ වල ප්‍රතිඵල පැය 04ක් වැනි කෙටි කාළයක් තුළ නිකුත් කීරීමට ද හැකි වීම විශේෂත්වයක්.
Share This Article