ජපන් පෙම්වතිය අරන් ලංකාවට පැන්න තරුණයා රිමාන්ඩ්
Friday, 27 November 2020 - 10:30 | Views - 858
ජපන් ජාතික ව්‍යාපාරිකයෙකුගේ බාල වයස්කාර දියණියක් ශ්‍රී ලංකාවට කැදවාගෙනවිත් විවාහ කරගත් ශ්‍රී ලාංකික තරුණයා දෙසැම්බර් මස 3 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

එමෙන්ම, එම බාල වයස්කාර දැරිය පරිවාස භාරයට යොමු කිරීමටයි මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේ.

ඇය මේ වනවිට පස්මස් ගැබිණියක්.

එමෙන්ම, මෙම සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැණුනු 3 දෙනෙකු ශරීර ඇප මත මුදා හැරීමටයි අධිකරණය නියෝග කළේ.

මොවුන් මීට මාස පහකට පෙර දිවයිනට පැමිණ ඇත්තේ මෙම ජපාන ජාතික දියණියගේ මව මෙම ප්‍රේම සබඳතාවට විරුද්ධත්වය පළ කිරීම හේතුවෙන් බවට ප්‍රශ්ණ කිරිම්වලදී අනාවරණය වී ඇතැයි කොච්චිකඩේ පොලිසිය සඳහන් කළා.

ශ්‍රී ලාංකික තරුණයා අධ්‍යාපනය සඳහා ජපානයට ගොස් සිටින අතරතුර සිය පෙම්වතියගේ නිවසේ තාවකාලිකව සේවය කරමින් සිටියදී මෙම සබඳතාව ගොඩනගාගෙන ඇති බවයි පරීක්ෂණවලදී හෙලිව ඇත්තේ.

මව මෙම සම්බන්ධයට විරුද්ධත්වය ප්‍රකාශ කිරීම හේතුවෙන් පෙම්වතියගේ ද කැමැත්ත මත තරුණයා ඇය ශ්‍රී ලංකාවට කැදවාගෙනවිත් තිබෙනවා.

පසුව මේ සම්බන්ධයෙන් මෙම දැරියගේ මව ජපාන තානාපති කාර්යාලය දැනුම්වත් කර තිබූ අතර මොවුන් දෙදෙනා ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවේදී කටුනායක ගුවන්තොටුපළට තානාපති කාර්යාලයේ නියෝජිතයන්ද පැමිණි සිටි බවයි වාර්තා වුණේ.

පසුව මොවුන් දෙදෙනා තරුණයාගේ නිවස ආසන්නයේ තානායමක රඳවා ඇති අතර ජපාන ජාතික මව ශ්‍රී ලංකාවට පැමිණි දිනට පෙර මොවුන් එම ස්ථානයෙන් පැනගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ප්‍රශ්ණ කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මොවුන් නුවරඑළිය, දියතලාව සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල හෝටල් කිහිපයක නවාතැන් ගෙන සිටි බවයි.

පසුව කොච්චිකඩේ පොලිසියට ලද තොරතුරක් අනුව ඊයේ මූදුකටුව ප්‍රදේශයේදී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top