කොරෝනා මරණ 100 අභියස - ඊයේත් ආසාදිතයන් 559ක්
Friday, 27 November 2020 - 8:31 | Views - 427
කොරෝනා ආසාදනය වීමෙන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 100ට ආසන්න වී තිබෙනවා.

ඊයේත් කොරෝනා මරණ 3 ක් වාර්තා වූ අතර ඒ අනුව මෙරට මුළු මරණ සංඛ්‍යාව 99 දක්වා ඉහල ගියා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ කොළඹ 8 ප්‍රදේශයේ පදිංචි 87 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේදී ඊයේ මියගොස් ඇති අතර කොරෝනාත් සමඟ බැක්ටීරියා ආසාදනයක් සහ නිධන්ගත පෙනහළු රෝගයක් උත්සන්න වීමෙන් මෙම මරණය සිදුව ඇති බවයි.

මිය ගිය අනෙක් පුද්ගලයා බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 80ක් වයසැති පිරිමි පුද්ගලයෙක්.

මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා මොහු මිය ගොස් ඇති අතර අධිරුධිර පීඩනය, නියුමෝනියාව තත්ත්වය සහ කොරෝනා ආසාදනයත් සමඟ ඇති වූ  හෘදයාබාධයක් මෙම මරණයට හේතු වී තිබෙනවා.  

73 හැවිරිදි පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ද මෙලෙස මියගිය පිරිස අතරට වාර්තා වන අතර ඇය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත්තේ පසුගිය 23 වනදායි.

අධිරුධිර පීඩනය, දියවැඩියාව සහ කොරෝනා ආසාදනයත් සමඟ ඇති වූ ආඝාත තත්ත්වයක් මෙම මරණයට හේතු වී තිබෙනවා.  

මේ අතර, ඊයේ නව කොරෝනා ආසාදිතයින් 559 දෙනෙකු වාර්තා වූ අතර, ඉන් 553 දෙනෙකුම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ හා සම්බන්ධ ආශ්‍රිතයින් වනවා.

ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ කොරෝනා පොකුර 18,491 දක්වා ඉහළ ගියා.  

ඊට අමතරව තුර්කිය, මාලදිවයින සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පැමිණි තුන් දෙනෙකු මෙන්ම ඉන්දියාවේ සිට පැමිණි දෙදෙනෙකු ද කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වුණා.

නාවිකයෙකු ද කොරෝනා ආසාදිතයෙකු බවට ඊයේ හදුනා ගැනුණා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 22,028ක් ලෙස දැක්වෙන අතර ආසාදිතයන් 6113 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. සුවය ලැබූ සංඛ්‍යාව 15,816ක්.

මේ අතර, ඇහැලියගොඩ - දිවුරුම්පිටිය ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්තශාලාවකින් ආසාදිතයන් 44 දෙනෙකු අලුතෙන් හඳුනා ගැනීමත් සමඟ එම කර්මාන්තශාලාවෙන් වාර්තා වන මුළු ආසාදිත සංඛ්‍යාව 60 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර සඳහන් කළේ මෙම තත්ත්වය හමුවේ ඇහැලියගොඩ ප්‍රදේශය තුළ අවදානම් තත්ත්වයක් මතුව ඇති බවයි.

ඒ හේතුවෙන් දැනටමත් පාසල් කිහිපයක් වසා දැමීමට කටයුතු කර ඇති අතර, ඇහැලියගොඩ කලාපයේ සියළු පාසල් තවත් සතියක කාලයක් වසා දැමීම පිළිබදව අද දිනයේ තීරණය කරන බව ඔහු කියා සිටියා.

කල්මුණේ අධ්‍යාපන කලාපයේ සියළුම පාසල් අද සිට සතියක කාලයක් වසා දැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් තීරණය කර තිබෙනවා.

ඒ, අම්පාර දිස්ත්‍රික්කයේ අහඹු ලෙස සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලින් ආසාදිතයින් 21 දෙනෙකු හඳුනා ගැනීමෙන් අනතුරුවයි.

පවතින අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන අක්කරෙයිපත්තු, සයින්දමරදු සහ අඩ්ඩාලච්චේන ප්‍රදේශයේ ජනතාවට සංචරණය සීමා කරන ලෙස ද නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩුකාරවරිය ඉල්ලීමක් කර තිබෙනවා.

මේ අතර, ගම්පහ දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රාජකාරි වේලාව සංශෝධනය කරමින් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ යොමු කළ ලිපියකට විරෝධය පළ කරමින් තම දෛනික රාජකාරි පස්වරු 4.30 න් අවසන් කිරීමට ගත් තීරණයත් සමඟ රෝගීන් රෝහල් ගත කිරීමේ කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් ඊයේ පස්වරුවේ වාර්තා වූ රෝගීන් 7 දෙනෙකු මෙම තත්ත්වය හමුවේ රෝහල් ගත කිරීමට ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලය මගින් ගිලන් රථ යොමු කර තිබුණ ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නොමැතිවීම හේතුවෙන් ආපසු හරවා යැවීමට සිදුව තිබුණේ රෝගීන් රෝහල් ගත කිරීමකින් තොරවයි.

එමෙන්ම, මීගමුව - කදිරාන - වෙස්ටර් සීඩන් වත්තේ දෙවන පටුමගේ කොරෝනා ආසාදිත පුද්ගලයෙකුට ශ්වසන අපහසුතා ඇති වී තිබුණ ද රෝහල් ගත කිරීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසියෙකු චෝදනා කළා.

ගම්පහ දිස්ත්‍රික්කය තුළ රෝගීන් රෝහල්ගත කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වගකීම භාර ගතයුතු බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපති එස්.ඒ.යූ.ටී. කුලතිලක පෙන්වා දෙන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top