දීඝවාපියෙන් හමු වූ ධාතූන්වහන්සේ ගෞතම බුදුරජාණන්වහන්සේගේමදැයි නිර්ණය කිරීමට කාබන් පරීක්ෂණයක්
Friday, 27 November 2020 - 7:25 | Views - 526
අම්පාර, ඓතිහාසික දීඝවාපිය දාගැබ් පරිශ්‍රයෙන් ශෛලමය මංජුසාවක තිබී හමු වූ ධාතූන්වහන්සේ ගෞතම බුදුරජාණන්වහන්සේගේමදැයි නිර්ණය කිරීම සඳහා කාබන් පරීක්ෂණයක් සිදුකළ යුතු බව පුරා විද්‍යා කොමසාරිස් ජනරාල් සෙනරත් දිසානායක මහතා පවසනවා.

මේ අතර රන්කරඬු තුළ තිබී හමු වූ සන්නසක තිබූ අපර බ්‍රාහ්මී අක්ෂර ඊයේ  පුරා විද්‍යා නිලධාරීන් විසින් කියවනු ලැබුවා.

අම්පාර ඓතිහාසික දීඝවාපී දාගැබ ආශ්‍රිත කැණීම්වලදී එහි  දකුණු වාහල්කඩින් ශෛලමය මංජුසාවක් හමු වූ අතර එහි තිබී රන් කරඬු 4ක් සොයා ගැනුණා.

පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා ප්‍රකාශ කළේ මෙරට පුරා විද්‍යා කැණීමකදී එකම ස්ථානයකින් හමු වූ වැඩිම කරඬු ප්‍රමාණය මෙය බවයි.

එම කරඬු පුරා විද්‍යා නිලධාරීන් විසින් මෙලෙස පරීක්ෂා කළා.

රන් කරඬු තුළ තිබූ රනින් නිම කළ සන්නස් පත්‍රයක් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අබිලේඛන සහ නානක විද්‍යා අංශයේ අධ්‍යක්ෂක නාමල් කොඩිතුවක්කු මහතා විසින් කියවනු ලැබුවා.

මෙම රන් සන්නසට සමාන සන්නසක් 1987 වසරේ ජනවාරි 23 වැනි දින දීඝවාපී දාගැඹේ බටහිර වාහල්කඩින් සොයා ගත් මංජුසාවේද තිබූ බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මෙම රන් සන්නස  රචනා කර ඇත්තේ අපර බ්‍රාහ්මීය අක්ෂරවලින්.

මෙම සර්වඥ ධාතූන්වහන්සේලා ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සුවිශේෂී මණ්ඩපයක තැන්පත් කිරීමටයි පියවර ගැනුණේ.

දීඝවාපී පුදබිමෙන් හමු වූ මෙම ධාතූන්වහන්සේලා පිළිබඳව පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා මෙලෙස අදහස් පළ කළා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top