බාලවයස්කාර දැරිය ගැබිනියක කළ පුද්ගලයා අත්අඩංගුවට
Friday, 27 November 2020 - 7:23 | Views - 977

බාලවයස්කාර පහළොස් වියැති පාසල් ශිෂ්‍යාවක් නීත්‍යානුකූල දෙමාපිය භාරකාරත්වයෙන් අපහරණය කරමින් දූෂණය කළ පුද්ගලයෙකු බිබිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සැප්තැම්බර් 07 වැනි දින බිබිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටත් සෑම මසකම අවසන් ඉරිදා බිබිල පොලිසියට පැමිණ වාර්තා කරන ලෙසත් නඩුව නොවැම්බර් මස 11 වැනි දින යළි කැඳවන ලෙසත් විනිසුරු බුවනෙක රාජකරුණා මහතා නියම කළේය.
මෙලෙස ඇපමත මුදාහරින ලද්දේ 20 හැවිරිදි තරුණයෙකි. මව සමග ප්‍රතිකාර ලබා ගැනීම සඳහා බිබිල රෝහලට ඇතුළත් වූ සිසුවිය 7 මස් ගැබිනියක් බව හඳුනාගත් වෛiවරු ඒ බව පොලිසියට දන්වා ඇත. ඒ අනුව විමර්ශන සිදුකළ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවත්, මැදගම හා තණමල්විල ප්‍රදේශවලදී සිසුවිය ඇගේ පෙම්වතා විසින් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය හා දූෂණයට ලක්කර ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය පැවසීය.
මෙම පෙම්සබඳතාව පිළිබඳ සිසුවියගේ මව මීට පෙර පොලිසියට පැමිණිලි කළ බවත්, සිසුවියට තරයේ අවවාද කළ බවත් පොලිසිය වැඩිදුරටත් පැවසීය.
වින්දිත සිසුවිය අධිකරණ වෛi වාර්තා ලබා ගැනීම සඳහා සිරිගල මහ රෝහලේ අධිකරණ වෛiවරයා වෙත යොමු කළ බවත් පොලිසිය සඳහන් කළේය.
මොණරාගල කොට්ඨාස භාර පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර, සහකාර පොලිස් අධිකාරී ගාල්ලගේ, බිබිල පොලිස් ස්ථානාධිපති එස්. පී. එස්. කේ. සෙනරත් යන අයගේ උපදෙස් මත පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උ. පො. ප. සමරසිංහ, කා. පො. සැ. සුදර්මා (5359) සඳමාලි (6558) ලලන්ති 6562 යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදු කරති.
බිබිල - ජේ. රත්නායක
දිවයින
Share This Article