නිවෙස්ගත නිරෝධායනය නිරීක්ෂණයට යාන්ත්‍රණයක්
Friday, 27 November 2020 - 7:18 | Views - 380

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා රෝගාශ්‍රිතයන් වෙනුවෙන් ක්‍රියාත්මක නිවෙස්ගත නිරෝධානය නිසි ලෙස සිදුකරගෙන යාම සඳහා නිරීක්ෂණ යාන්ත්‍රණයක් සැලසුම් කර තිබෙනවා.
එය නිරීක්ෂණ කාර්යය ක්ෂේත්‍ර නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමකට පැවරෙන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ.
ආර්ථික සංවර්ධන, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර, සමෘද්ධි සංවර්ධන, පවුල් සෞඛ්‍ය සේවා, ග්‍රාම නිලධාරී, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ පොලිස් නිලධාරීන් මෙම කණ්ඩායමට ඇතුළත්.
රෝගාශ්‍රිතයන් ලෙස හඳුනා ගන්නා පුද්ගලයින් දින 14ක කාලයක් පුරා නිරෝධායනයට ලක්විය යුතු අතර, නිරීක්ෂණ කමිටුවට අයත් නිලධාරීන් සතියේ එක් එක් දිනවල අදාළ නිවෙස් වෙත ගොස් එකී ක්‍රියාවලිය නිරීක්ෂණය කළ යුතු වනවා.
සියළු නිවැසියන් නිවෙස්වල සිටින බව ඔවුන් තහවුරු කළ යුතු අතර, කිසියම් පාර්ශවයකින් ලැබෙන පැමිණිලි විමර්ශනය ද අදාළ කණ්ඩායමේ වගකීමක්.
රෝගීන්ගේ සහ ආශ්‍රිතයින්ගේ පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට නිරීක්ෂණ කණ්ඩායමේ සාමාජිකයින් බැදී සිටිනවා.
නිවෙස්ගත නිරෝධානය ආරම්භ වන සෑම විටම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අදාළ ග්‍රාම නිලධාරීවරයා වෙත ඒ බව දැනුම් දිය යුතුයි.
මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසින් අමාත්‍යාංශ සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් සෞඛ්‍ය ලේකම්වරුන් සහ දිස්ත්‍රික් මෙන්ම ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත චක්‍රලේඛයක් මගින් විශේෂ දැනුම්දීමක් ද කර තිබෙනවා.
Share This Article