වල් ඌරෙකු යැයි සිතා කජු අහුලමින් සිටි සිසුවාට වෙඩි තබා මරා දැමූ විත්තිකරු හිරේ
Friday, 27 November 2020 - 7:16 | Views - 898
2009 වසරේදී ඇලයාපත්තුව දිගනේගම ප‍්‍රදේශයේ පිහිටි හේනකදී වල් ඌරෙකු යැයි රැවටී සිදු කළ වෙඩි තැබීමකින් කජු පුහුලන් අහුලමින් සිටි දහසය හැවිරිදි පාසල් සිසුවෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා ලැබ සිටි පුද්ගලයෙකුට උතුරුමැද පළාත් බද මහාධිකරණයේ පුර්වගාමි විනිසුරු සහ පානදුර මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා විසි වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය‘
 
 අදාළ චෝදනාව සම්බන්ධයෙන් විත්තිකරු වරදකරු බවට නිගමනය කිරීමෙන් පසු විනිසුරුවරයා එකී නියෝගය කළේය.
 
 ඇලයාපත්තුව දිගනේගම ප‍්‍රදේශයේ පදිංචි පනස් පස් හැවිරිදි ඩබ්ලිව්‘ඇම්‘විජේදාස නමැති පුද්ගලයෙකුට මෙසේ සිර දඬුවම් නියම කෙරිණි‘ වර්ෂ 2009 අපේ‍්‍රල් මස 22 වෙනි දින හෝ ඊට ආසන්න දිනක අනුරාධපුර ඇලයාපත්තුව දිගනේගම ප‍්‍රදේශයේ පදිංචිව සිටි දි.නේ.ම විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඉන් සමත්ව අනුරාධපුර වලිසිංහ හරිශ්චන්ද්‍ර මහා විද්‍යාලයෙන් අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ අධ්‍යාපනය හැදෑරීමට සූදානම්ව සිට ඇති ඒ.ඒ. ප‍්‍රදීප් හර්ෂ කුමාර නමැති සිසුවෙකුට වෙඩි තබා මරා දැමී යැයි නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබිණි‘
 
 විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් නගා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය විසින් සමත්ව ඇති බව විනිසුරු මහේෂ් වීරමන් මහතා අදාළ නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් ප‍්‍රකාශ කළේය.
 
 වර්ෂ 2009 අපේ‍්‍රල් මස 22 වෙනිදා සවස 6.30 ත් 7.00 ත් අතර කාලයේ ඒ.ඒ. ප‍්‍රදීප් හර්ෂ කුමාර නමැති පාසල් සිසුවා සිය බාල සොහොයුරා සමග සිය පියාට අයත් හේනට කජු පුහුලන් ඇහිඳීමට ගොස් සිටියදී එම හේනේ වන සතුන් දඩයමේ ගොස් සිට ඇති විත්තිකරු විසින් වල් ඌරෙකු යැයි සිතා සිසුවාට වෙඩි තබා ඇති බව එකී නඩු විභාගයේදී අනාවරණ විය. මේ අතර ඝාතනයට ලක්වූ සිසුවාගේ පියා සහ විත්තිකරු ඉතා සමීප මිතුරන් බවත් ඔවුන් දෙදෙනා හේන් ගොවිතැන් සිදු කර ඇත්තේ එකට එක්ව බවත් එකී නඩු විභාගයේදී අනාවරණය විය.
 
 පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ පද්මලාල් ද සිල්වා මහතා පෙනී සිටි අතර එකී ඝාතන සිද්ධිය සමබන්ධයෙන් විමර්ශන මෙහෙයවූ අනුරාධපුර පොලිසිය වෙනුවෙන් මුලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සංජිව මහානාම මහතාගේ උපදෙස් මත සැරයන් සරත් ගුණසේන මහතා පෙනී සිටියේය. විත්තිකරු වෙනුවෙන් නීතිඥ ආනන්ද පේ‍්‍රමරත්න මහතා පෙනී සිටියේය.

දිවයින
පර්සි කුරුනේරු
Share This Article
Hiru Tv Blog
Thursday, 24 December 2020 - 12:31
Hiru Tv Blog 899 Views
අපේ උපතේදීම අපි සැවොම කිසියම් රුධිර වර්ගයකට...
Hiru Tv Blog
කොවිඩ් 19 හමුවේ දේශීය ඖෂධ භාවිත කිරීම සහ...
Hiru Tv Blog
අධික සීනි නැති, අධික ලූණු නැති, අධික තෙල්...
Hiru Tv Blog
Tuesday, 17 November 2020 - 10:17
Hiru Tv Blog 6,615 Views
බොහෝ දෙනා කස කසා ඇට යොදාගනු ලබන්නේ ආහාර...
Hiru Tv Blog
"හෑන්ඩ් සැනිටයිසර්, නැතිනම්, දෑත් පිරිසිදුකාරක...
Hiru Tv Blog
ප්‍රවිණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනීගේ දියණිය, වන මාධවී වත්සලා ඇන්තනී ගායනා කරන...
Hiru Tv Blog
" මිනිස්සු බයිලා කියලා හදුන්වන්නේ සික්ස් එයිට් බීට් එකට කියන ගීත. එහෙම බැලුවොත්...
Hiru Tv Blog
Wednesday, 20 January 2021
Hiru Tv Blog 458 Views
නිරන්තරයෙන්ම කැමරාවට අලුත් වෙන ටීනා ෂනෙල් අලුත්ම මංගල විලාසිතා ගණනාවකින් කැමරාව...
Hiru Tv Blog
නියුරෝන මිලියන 100 කට වඩා වැඩි මොළයට සමාන ක්‍රියාකාරිත්වයක් සහිත පරිගණකයක් නිර්මාණය...
Hiru Tv Blog
මේ කොවිඩ්-19 කාලේ වැඩියෙන්ම ඇසෙන්නට ලැබෙන්නේ සමාජ දුරස්ථකරණය ගැනය. නමුත් කිසිම...
Hiru Tv Blog
එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය “ගමූෂා’’ නමින් ඩ්‍රෝනා හෙලිකොප්ටරයක්...
Top