දිවයින පුරා වනජීවි නිලධාරීන් හෙට වැඩ වරයි
Thursday, 26 November 2020 - 16:16 | Views - 609
වනජිවි රාජ්‍යය අමාත්‍යය විමලවීර දිසානායකගේ ක්‍රියා කලාපයට එරෙහිව හෙට (27) දිවයින පුරා වනජිවි නිලධාරින් එක දින සංකේත වැඩ වර්ජනයක නිරත වන බව සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවි නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඒ වනජීවි නිලධාරීන්ට තර්ජනය කරමින් පොළොන්නරුව ජල ගැලුම් නිම්න රක්ෂිතයේ මාර්ගයක් ඉදි කිරිමට සහ ගෘහස්ථ ගවයන් රක්ෂිතය තුළට ඇතුළු කිරිමට ඉඩ ලබාදෙන ලෙසට වනජිවි නිලධාරින්ට රාජ්‍ය අමාත්‍යවරයා විසින් බලපැම් කර තර්ජනය කළා යැයි සිද්ධියකට විරෝධය දක්වමින්.
එම සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක අද (26) මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ රාජ්‍ය අමාත්‍යවරයා විසින් වන සත්ව සහ වෘක්ෂ ලතා අඥා පනතට පටහැනිව කටයුතු කරන ලෙසට වන ජිවි නිලධාරින්ට බලපෑම් කිරීමත්, එම දෙපාර්තුමේන්තුව සහ බලධාරින් හෙදා දැකිමටත් විරුද්ධව එක් දින සංකේත වෘත්තිය ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වන බවයි.
Share This Article