පියෙකු ඝාතනයට පුතුන් දෙදෙනෙකු සහ දියණියක අත්අඩංගුවට
Thursday, 26 November 2020 - 13:27 | Views - 1,436
සිය පියා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගේ දරුවන් තුන්දෙනා මතුගම පොලීසිය විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පිරිමි දරුවන් දෙදෙනා සහ දියණියයි. ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් ඊයේ සිදුවූ පහරදීමකදී මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය සඳහන් කළා.
මෙලෙස මියගොස් ඇත්තේ මතුගම - කරගම්පැතර - නවතුඩුව ප්රදේශයේ පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙක්.
Share This Article