කොල්ලුපිටිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිගේ දේහය PCR පරීක්ෂණයට
Thursday, 26 November 2020 - 13:16 | Views - 359

ගාලු මුවදොර පිටියේ ශාරීරික ව්‍යායාම සිදුකරමින් සිටියදී හදිසියේ මියගිය කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ.එම්. නිලන්තගේ දේහය පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා යොමුකර තිබෙනවා.
පස්සර ප්‍රදේශයේ පදිංදි 43 හැවිරිදි ඔහු හෘද සැත්කමකට ද භාජනය වී සිටි අයෙකු බව සඳහන්.
ගිනිගත්හේන - හිටිගේගම ප්‍රදේශයේ එකම පවුලේ පස්දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව අද තහවුරු වුණා.
අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ පිරිමි පුද්ගලයන් තුන්දෙනෙකු, එක් කාන්තාවක් සහ අවුරුදු තුනක කුඩා දැරියකට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.
එම පවුලේ වැඩිමහල් දියණිය කොළඹ රැකියාවක නිරතව සිට නිවසට පැමිණි අවස්ථාවේදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලින් ඇයට කොරෝනා ආසාදනය වී ඇති අනාවරණ වූ අතර, පවුලේ අය නිරෝධායනයට ලක් කෙරුණා.
පසුව කරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලදී ඔවුන්ට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වූ බවයි අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියා සිටියේ.
ඇඹිලිපිටිය - පනාමුර බණ්ඩොක්ක යාය සහ දියපොට ප්‍රදේශයෙන් ද ආසාදිතයන් දෙදෙනෙකු වාර්තා වී ඇති බව ඇඹිලිපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.එම්.කේ. බණ්ඩාර සඳහන් කළා.
ඔහු කියා සිටියේ කොළඹ සිට පැමිණි පනාමුර - බණ්ඩොක්ක යාය ප්‍රදේශයේ පදිංචි ආරක්ෂක අංශ සාමාජිකයෙකු නිවාස නිරෝධායනයට ලක් කර සිටියදී කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇති බවයි.
එමෙන්ම, කටුනායක - ඇඟලුම් කර්මාන්තශාලාවක සේවයේ නියුතු පනාමුර - දියපොට ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට ද වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇත්තේ මාසයක කාලයක් නිවසේ සිට එම ඇඟලුම් කර්මාන්තශාලාවට ගිය අවස්ථාවේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදියි.
එම කාන්තාවගේ ස්වාමි පුරුෂයා ද කටුනායක රැකියාවේ නිරත වන අතර ඔවුන් දෙදෙනාම නිවාස නිරෝධායනයට ලක් කර තිබුණ ද පී.සී.ආර්. පරීක්ෂණවලට භාජනය කර නැහැ.
ඔවුන් නිවසේ සිට කටුනායක රැකියාවට යාමට පෙර දින 14ක නිවාස නිරෝධායන කාලය අවසන්වීමෙන් පසු මොණරාගල - දඹගල්ල ප්‍රදේශයට සහ පොළොන්නරුව ප්‍රදේශයට ද ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
මේ අතර සෞඛ්‍ය අංශ නිර්දේශ කර තිබියදී පී.සී.ආර්. පරීක්ෂණවලට පෙනී නොසිට මගහරින පුද්ගලයින්ට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළා.
මේ දක්වා මෙරටින් ආසාදිතයන් 21,469 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් 15,447 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. එමෙන්ම, මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 96ක් ලෙසයි.
Share This Article