'මට අසනීපයි වගෙයි'- ලොවම හඩවමින් දිවිගමනට සමුදුන් ආජන්ටිනාවේ Diego Maradona අවසන් වරට කී වචනය
Thursday, 26 November 2020 - 13:05 | Views - 793
පාපන්දු ක්‍රීඩාවේ කිසිදා නොමැකෙන තරුවක් තමයි Diego Maradona කියන්නේ. ලොව වටා සිටින ප්‍රේක්ෂකයින්ගේ දැඩි ආදරයකට මෙන්ම දැඩි සෙනහසකට ලක්වූ මෙම අපුරු තරුව සමස්ත ලෝකයම හඩවමින් ඊයේ දිනයට තම දිවි ගමනට සමුදුන්නා. මෙම පුවත නිකුත් වීමෙන් පසු ආර්ජන්ටිනාව පමණක් නොව සමස්ත ලෝකයම දැඩි කම්පාවට පත්වූ බවටයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

කෙසේනමුත් මියයාමට පෙර අවසන් වරට ඔහු පවසා තිබෙන්නේ 'I feel sick' යනුවෙනි. මියයන විට 60 හැවිරිදි වියෙහි පසුවූ මෙම සුපිරි පාපන්දු තරුව  ඔහුගේ මොළයේ ශල්‍යකර්මයකින් පසු රෝහලෙන් පැමිණ  සති දෙකකට පසුව තම නිවසේදී හෘදයාබාධයකට ලක්ව තිබෙනවා.

1986 දී ආර්ජන්ටිනාවට  ලෝක කුසලානය දිනා ගැනීමට පෙරමුණ ගත් maradona  අර්ධ අවසන් පූර්ව වටයේදී එංගලන්තය පරාජය කරමින්  ''Hand of God' ලෙසට නමුවූ අතර පසුව 'Goal of the Century ' දිනා ගැනීමටද සමත් වුනා.

සුපිරි ක්‍රීඩක maradonaගේ විශිෂ්ඨ  දැක්ම, සාර්ථක බව සහ , පන්දුව පාලනය කිරීමේ හැකියාව මෙන්ම මන නායකත්ව හැකියාවන් නිසාම පිටියට පැමිණ ඔහුට ලොව වට දහස් ගණන් ප්‍රේක්ෂකයින්ගේ ආදරය මෙන්ම දිරිගැන්වීම නොඅඩුව ලැබුනා. තම දක්ෂ පාපන්දු කුලතාවයන් නිසාම ඔහුට ඉතාමත්ම කෙටි කාලයක් තුලදී ලෝකයේම අවධානය දිනාගැනීමට සමත් වුනා .

කෙසේනමුත් එක්  දිනක ඔහු ආහාර  ගැනීම සදහා නිවසේ පහල මහලට පැමිණෙන විට ඔහු එකපාරටම සුදුමැලි වී ඔහුට සීතල දැනෙන බවට පවසා තිබෙනවා. කෙසේනමුත් නැවත නින්දට යෑමට  පෙර ඔහු විසින් "Me siento mal" ලෙසට තම  බෑනාට පවසා තිබෙනවා.

කෙසේනමුත් ඉන් පසුව ඔහුගේ සහයට සිටි හෙදියක් විසින් ඔහුට අමාරුවී  වී ඇතැයි  සිතා උපකාර ඉල්ලා දුරකථන ඇමතුමක් ලබා දී ඇති  නමුත් වෛද්‍යවරුන් පැමිණීමට පෙර ඔහු මිය ගොස් සිටි තිබෙනවා. මිය යන විට 60 හැවිරිදි වියෙහි පසුවූ මෙම සුපිරි පාපන්දු තරුව වෙනුවෙන් ආර්ජන්ටිනාවේ ජනාධිපති ඇල්බර්ටෝ ෆර්නැන්ඩස් විසින් දින තුනක ශෝකයක්  ප්‍රකාශ කර තිබෙන බවටයි සදහන් වන්නේ.

 " ඔබ අපව ලෝකයේ ඉහලටම ගෙන ගියා . ඔබ අපව ඉමහත් සතුටට පත් කළා. ඔබ සියල්ලටම වඩා ශ්‍රේෂ්ඨයි. ඔබ කල සේවයට ස්තුතියි ජීවිත කාලය පුරාම අපට ඔබව මග හැරෙනු ඇත " යනුවෙන් ආර්ජන්ටිනාවේ ජනාධිපති ඇල්බර්ටෝ ෆර්නැන්ඩස්  විසින් තම ට්විටර් පිටුවෙහි ඔහු වෙනුවෙන් සටහනක්ද තබා තිබෙනවා.

එමෙන්ම maradona හට ගෞරව දැක්වීම සඳහා මේ වන විටත්   දහස් ගණනක්  ඔහුගේ රසිකයින් ඉතාලියේ බුවනෝස් අයර්ස් සහ නේපල්ස්හි වීදිවලට ​​පැමිණ තිබෙන බවටයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

" මට අසනීප වගෙයි " ලොවම හඩවමින් තම දිවිගමනට සමුදුන් ආජන්ටිනාවේ Diego Maradona අවසන් වරට කී  වචනය හැටියටයි සදහන් වන්නේ.

විදෙස් මාධ්‍ය ඇසුරෙනි..

මේ සුපිරි ක්‍රීඩක මැරඩොනා මිය යාමට පෙර ගත් අවසන් ඡායාරූපයයි ...........


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top