දීඝවාපියේ කැණීමකින් රන් කරඬු 04ක් සොයාගනී
Thursday, 26 November 2020 - 10:07 | Views - 739
ඓතිහාසික දීඝවාපි දාගැබේ දකුණු පස වාහල්කඩ කැණීමේදි හමුවු ශෛලමය මංජුසාවේ තිබී රත්‍රං කරඬු 4ක් සහ පළිගු කරඬුවක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශයේ නිලධාරීහු සොයාගනු ලැබුවා.
එම කරඩු හතර තුළ රන් පත් ඉරුවලින් සකසන ලද කුඩා මංජුසා 6ක ධාතුන් වහන්සේලා තැන්පත් කර තිබිණ.
පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් සෙනරත් දිසානායක මහතා පවසා සිටියේ රත්රන් කරඬු 4ක් එකම මංජුසාවක තිබී හමුව ප්‍රථම අවස්ථාව මෙය බවයි.
රත්රන් කරඬු තුළ අලංකාර ආභරණ කොටස් බවට සැක කළ හැකි පළිඟු දෙකක්ද විය. වෙනත් කිසිදු කරඬුවක මෙපරිදි පළිඟු දක්නට නොලැබුණු බව පුරාවිද්‍යා නිලධාරීහු පැවසූහ.
ඡායාරූපය මව්බිම පුවත්පතෙනි.
Share This Article