LPL හම්බන්තොටදී අද ඇරඹේ
Thursday, 26 November 2020 - 9:17 | Views - 365
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය පස්වරු 3.30 ට හම්බන්තොටදී පැවැත්වෙන අතර, තරගාවලිය දෙසැම්බර් මස 16 වනදා දක්වා පැවැත්වෙනු ඇති. කලම්බු කිංග්ස්, ගෝල්ඞ් ග්ලැඩියේටර්ස්, ජැෆ්නා ස්ටැලියන්ස්, දඹුල්ල වයිකින්ග්ස්, කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම් පහ මෙහිදී තරග වදිනවා.

පළමු තරගය රාත්‍රී 7.30 ට හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන්නේ ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරණ කලම්බු කිංග්ස් සහ කුසල් ජනිත් නායකත්වය දරණ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම් අතරයි.

අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කලම්බු කිංග්ස් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් සඳහන් කළේ තරගාවලියේ දී පන්දු යැවීම සඳහා තමා සූදානමින් පසුවන බවයි. පසුගිය මාස 8ක පමණ කාලය ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීමට බාධා සිදු වුවද තමා සිය ශාරීරික යෝග්‍යතාවය සම්බන්ධයෙන් වැඩි අවධානයක් එම කාලයේ දී යොමු කළ බව ද ඔහු ප්‍රකාශ කළා.  

මේ අතර මෙරට සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධනද ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සුබපැතුම් එක් කරමින් ට්විටර් සටහන් එක් කර තිබෙනවා. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂද තමන් කුමන කණ්ඩායමකට සහය දිය යුතුද යන්න පිළිබඳ මත විමසීමක් කර තිබුණේ ට්විටර් සටහනක් තබමින්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top