වෙළඳ ඇමති දේශීය සනීපාරක්ෂක තුවා නිෂ්පාදකයන් හමුවෙයි
Thursday, 26 November 2020 - 8:58 | Views - 361
දේශීය සනීපාරක්ෂක තුවා නිෂ්පාදකයන් සහ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන අතර ඊයේ වෙළඳ අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
එහිදී සනීපාරක්ෂක සඳහා පවතින මිලෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බවයි දේශීය සනීපාරක්ෂක තුවා නිෂ්පාදකයින් වෙළඳ අමාත්‍යවරයාට දැනුම්දී ඇත්තේ.
පසුගිය රජය විසින් සනීපාරක්ෂක තුවා සඳහා පනවා තිබූ සියයට 30 ක බද්ද මෙවර අයවැය මගින් සියයට 15 කින් අඩුකර ඉතිරි සියයට 15 ක සෙස් බද්දක් ලෙස නියම කර ඇති බවයි වෙළඳ අමාත්‍යාංශය සඳහන් කළේ.
මෙහිදී වෙළඳ අමාත්‍යවරයා කියා සිටියේ ඉල්ලුමට සරිලන සියයට සියයක සැපයුමක් ලබාදීමට දේශීය නිෂ්පාදකයින්ට ඇති හැකියාව තුළ එම තුවා ආනයනය කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි.
Share This Article