ඇන්ටිජන් පරීක්ෂණ ගැන විවිධ මත
Thursday, 26 November 2020 - 8:47 | Views - 305
කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා වඩා යෝග්‍ය පරීක්ෂණ ක්‍රමවේදය පී.සී.ආර්. බව රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය සමන් රත්නායක ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ පී.සී.ආර්. සඳහා ආදේශකයක් නොවන බවයි.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණවලින් ආසාදිතයෙකු නොවන බවට හඳුනාගන්නා පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු නොවන බවට සම්පූර්ණයෙන්ම තහවුරු කළ නොහැකි බවයි.
Share This Article