ඊයේ දිනයේදී නව කොරෝනා ආසාදිතයන් 502ක් වාර්තා වෙයි
Thursday, 26 November 2020 - 8:27 | Views - 545
නව මරණ දෙකක් සමඟ මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 96ක් දක්වා ඉහල ගියා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 23 වනදා මියගොස් ඇති බවයි. කොවිඞ් 19 ආසාදනය සමඟ ඇති වූ අධික රුධිර පීඩනය මරණයට හේතුව ලෙස දක්වා තිබෙනවා.

එමෙන්ම පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ද ඊයේ මියගියා. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සිට කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු පිඹුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මොහු මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොරෝනා ආසාදනය සමඟ උග්‍රවූ අක්මා රෝගී තත්ත්වයයි.

මේ අතර ඊයේ දිනයේදී නව කොරෝනා ආසාදිතයන් 502 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 21,469 දක්වා ඉහළ ගියා.

ඊයේ හඳුනාගත් සියලුදෙනා පෑලියගොඩ කොවිඞ් පොකුරේ ආශ්‍රිතයන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ කොවිඞ් පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 17,938 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවදුරටත් ආසාදිතයන් 5,926 ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 15,447 ක්.

එමෙන්ම රැකියා සඳහා ගොස් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මැදපෙරදිග රටවල් තුනක රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 116 දෙනෙකු අද අලුයම කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණියා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී ශ්‍රී ලාංකිකයන් 42 කු, කටාර් හි රැඳී සිටි 39 දෙනෙකු සහ ඕමානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 35 දෙනෙකු මෙලෙස පැමිණි පිරිසට ඇතුළත්.

මේ අතර ඊයේ ඇප නියමවූ රිෂාඞ් බදියුදීන් මන්ත්‍රීවරයාට අද, පී.සී.ආර් පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතයි. ඉන් අනතුරුව ඔහු දින 14 ක නිරෝධානයකට ලක් කරන බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සඳහන් කළේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top