ජපානයෙන් පන්නාගෙන ආ තරුණියයි ලාංකික පෙම්වතයි අල්ලයි- බුරුකාවක් ඇඳන් මාතෘ සායනයටත් ඇවිත්
Thursday, 26 November 2020 - 8:14 | Views - 29,478
මාස 7ක් තිස්සේ පොලිසියට කට්ටි පනිමින් ජපන් ජාතික පහළොස් හැවිරිදි තරුණියක අපහරණයට ලක්කර පැහැරගෙන ලංකාවට පැමිණි බව කියන ඇයගේ ශ්‍රී ලාංකික පෙම්වතා සහ එකි ජපන් තරුණිය ඊයේ (25) හවස කොච්චිකඩේ පොලිසිය විසින් සොයාගනු ලැබීය.

මාරවිල , මුදුන්කොටුව ප්‍ර දේශයේ පදිංචි ශ්‍රී ලාංකික පෙම්වතාගේ ඥාති සොහොයුරියකගේ නිවසෙක සැඟව සිටියදී ඔවුන් සොයා ගත් අතර මේවන විට තරුණිය සිවුමස් ගැබිණියකි.

තම දියණිය ජපානයේ සිට ශ්‍රී ලාංකික තරුණයකු විසින් පැහැරගෙන පැමිණි බවට ජපන් ජාතික ළාබාල තරුණියගේ මව 2020 මාර්තු මස කොච්චිකඩේ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි. ඇය පොලිසියට පවසා ඇත්තේ තම දියණිය සතු ලක්ෂ 10කට ආසන්න මුදලක්ද සමඟ ශ්‍රී ලාංකික තරුණයා තම දියණිය ජපානයේ සිය පැහැරගෙන ඇති බවයි.

සැකකාර යුවළ කොච්චිකඩේ පොලිසියට ගෙනැවිත් ප්‍රශ්න කළේ සැකකාර පෙම්වතාගේ දෑතට පමණක් මාංචු දමා තිබියදීය. ජපන් තරුණිය ඔහුගෙන් මොහොතකටවත් ඉවත්වීමට අකමැත්ත පළ කර ඇත.

මාර්තු මස මෙරටට පැමිණි මෙම යුවල නාවලිපිටිය, ත්‍රිකුණාමල හා මිනුවන්ගොඩ ප්‍රදේශවලත් සැඟව සිට ඇත. ඇය ගැබිණියක් බව දැන ගැනීඹත් සමඟ ජපන් තරුණිය මාතෘ සායනය සඳහා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ගෙන ගොස් ඇත්තේ කාටත් ඇය ජපන් තරුණියක් සේ නොහැඟෙන පරිදි බුරුකාවක් පැලදි මුස්ලිම් තරුණියකගේ ආකාරයකටය.

උපුටා ගැනීම මව්බිම පුවත්පතෙනි.....















Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top