'කොරෝනා මරණවල අවසන් කටයුතු සඳහා පවුලේ සාමාජිකයින් වියදම් දැරිය යුතු' බව පවිත්‍රා කියයි
Thursday, 26 November 2020 - 7:29 | Views - 2,912

කොරෝනා මරණ පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමේදී රජය මුදල් වැය නොකරන බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පවසයි.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඊයේ (25) පාර්ලිමේන්තුවේදී විමසූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
කොරෝනා ආසාදිත මරණ වැඩි වශයෙන් කොළඹ නගරය ආශ්‍රිතව සිදුවන බවත් එම මරණ ආදාහනය කිරීමේදී මුදල් අය කිරීමක් සිදුවන බවත් ඒ පිළිබඳව තමන් දැනුවත් දැයි මන්ත්‍රීවරයා සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් විමසා සිටියේ ය.
ඊට පිළිතුරු දෙමින් සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පැවසුවේ, කොරෝනා ආසාදිත මරණවල අවසන් කටයුතු සිදුකිරීමේදී මිය ගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් ඊට වැය වන මුදල් වියදම් කළ යුතු බවය.
කෙසේ වෙතත්, එම මරණවල අවසන් කටයුතු සිදුකිරීමට මුදල් වැය කිරීමට නොහැකි අපහසුතා ඇති පවුල් සඳහා යම් සහනයක් ලබා දීම සිදු කෙරෙන බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.
මේ අතර, අයවැය විවාදය අතරතුර පසුගිය දා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක චෝදනා කළේ, කොවිඩ් අරමුදලේ රුපියල් මිලියන 1640ක මුදල් තිබියදී ආණ්ඩුව ඉන් වැය කිරීමට සැලසුම් කර ඇත්තේ, ඉතා සුළු මුදලක් බවය.
එම අරමුදලේ මුදල් යොදවා කොරෝනා ආසාදනයෙන් මරණයට පත්වූවන්ගේ අවසන් කටයුතු නොකරන්නේ මන්දැයි ඔහු ප්‍රශ්න කළේය.
මව්බිම
අශාන් මධුරංග
Share This Article