අක්කා එක්ක කඩේ ගිය පුංචි නංගී යතුරුපැදියට බිලි වෙයි
Thursday, 26 November 2020 - 7:15 | Views - 378
පදියතලාව, පළතුරුවැල්ල, නවහිරුගම ප‍්‍රදේශයේදී පෙරේදා (24) හවස 4.30ට පමණ සිය අක්කා සමග කඩයට ගොස් නිවසට එමින් සිටි අවුරුදු හතරහමාරක් වයසැති දැරියක් හදිසියේම පාර මාරු වීමට යෑමේදී මාළු වෙළෙන්දෙකුගේ යතුරුපැදියේ හැපී මිය ගොස් ඇතැයි පදියතලාව පොලිසිය පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ නවහිරුගම, පළතුරුවැල්ලේ පදිංචිව සිටි ජී. දෙව්නි රහුදරා දිසානායක නමැති අවුරුදු හතරහමාරක් වයසැති දැරියකි.

පදියතලාව පොලිසිය පවසන අන්දමට නිවසට පැමිණි අමුත්තන් පිරිසකට සංග‍්‍රහ කිරීම සඳහා බඩු ගෙන ඒමට තම වැඩිමහල් සහෝදරියත් සමග කඩයට ගොස් එමින් සිටියදී අක්කාගේ අතින් මිදී හදිසියේම පාර මාරු වීමට උත්සාහ කිරීමේදී ළදැරිය යතුරුපැදියේ ගැටී ඇත. බරපතළ තුවාල ලැබූ දැරිය කඩිනමින් මහඔය මූලික රෝහලට ඇතුළත් කර ප‍්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත.

අනතුරට සම්බන්ධ මාළු ව්‍යාපාරිකයා මහඔය පොලිසියට භාර වී ඇත. ඉදිරි රාජකාරි සඳහා ඔහු පදියතලාව පොලිසියට භාර දී තිබේ. අනතුරට සම්බන්ධ රියැදුරු මඩකලපුව එරාවූර් ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු මාළු අලෙවි කර යළි ගමට යෑමේ දී අනතුරට මුහුණ පා ඇත.

පදියතලාව පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් එස්. බන්දුසේන මහතාගේ උපදෙස් පරිදි පොලිස් රථ වාහන අංශය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

පදියතලාව විශේෂ - භාෂණ සත්‍යප‍්‍රිය
දිවයින
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top