කැලණියේ ව්‍යාපාරිකයාගේ කෝටි තුනක් වටිනා නිල් මැණික කොල්ලකෑ සැකකරුවෝ මාට්ටු
Thursday, 26 November 2020 - 7:13 | Views - 405
කැලණිය ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකුට අයත් රුපියල් කෝටි තුනකට අධික වටිනාකමින් යුත් නිල් මැණිකක් මාවනැල්ල කොවිලකන්ද ප‍්‍රදේශයේදී කොල්ලකා පලාගොස් සැඟවී සිටි සැකකරුවන් හයදෙනකු හා කොල්ලකෑ මැණික් ගලද එය පැහැර ගැනීමට යොදාගත් වාහන තුනක්ද 24 දා රාත‍්‍රියේදී මාවනැල්ල පොලිසියේ නිලධාරි කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
 පොලිස් නිලධාරීන් බව පවසා මෙම මැණික් කොල්ලය සිදුකොට ඇත්තේ කොවිලකන්ද, වට්ටප්පල හා නුවරඑළිය ප‍්‍රදේශවල පදිංචි වයස අවුරුදු හතළිහත් පනහත් අතර පුද්ගලයන් පස්දෙනකි. ඉන් සිවුදෙනෙක් පිළිමතලාව ප‍්‍රදේශයේ එළවළු වෙළෙඳ සැලක් පවත්වාගෙන ගිය අය බවද පොලිසිය පවසයි. සැකකරුවන් සමග වෑන් රථයක්, මෝටර් රථයක් සහ ස්කූටි වර්ගයේ යතුරුපැදියක්ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
 
 කුරූණෑගල පදිංචි 35 හැවිරිදි මැණික් ගලේ හිමිකරු කැලැණිය ප‍්‍රදේශයේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති අතර එම ව්‍යාපාරය පාඩු ලැබීම නිසා ඔහු සතු රුපියල් කෝටි තුනකට අධික වටිනාකමින් යුත් නිල් මැණික් ගලක් අළෙවිකොට මුදල් ලබාගැනීමට තීරණය කොට ඇත. ඒ සඳහා සිය සොහොයුරාට මේ බව පැවසීමෙන් අනතුරුව මාවනැල්ල ප‍්‍රදේශයේ තැරැුව්කරුවකු මාර්ගයෙන් අදාළ මැණික්ගල අලෙවි කිරීම සඳහා තීරණය කොට තිබේ.
 
 පසුව ඉකුත් ඔක්තොම්බර් 20 දා මාවනැල්ල කොවිලකන්ද ප‍්‍රදේශයට පැමිණ ඇති මෙම ව්‍යාපාරිකයා මාවනැල්ලේ තැරැුව්කරුද සමග කොවිලකන්ද ප‍්‍රදේශයේ පාලූ ස්ථානයකට ගොස් ඇත. මැණික්ගල මිලදී ගැනීම සඳහා අදාළ ගැනුම්කරුවන් එනතුරු එම ස්ථානයේ රැුඳී සිටියදී ස්කූටර් වර්ගයේ රතුපැහැති යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු අපි පොලිසියෙන්. උඹලා අතේ කුඩු තියෙනවා අපට චෙක් කරන්න ඕන යැයි පවසමින් ඔවුන් බිය ගන්වා තිබේ. මැණික්ගලේ හිමිකරු කියා ඇත්තේ අපි එහෙම මිනිස්සු නොවන බවයි. තැරව්කරු පවසා ඇත්තේ අපි ළඟනම් කුඩුනම් නැහැ. මැණික් ගලක් නම් තියෙනවා යැයි බව පසමින් එය පෙන්වීමෙන් අනතුරුව පසුව යතුරුපැදියෙන් පැමිණි දෙදෙනා ව්‍යාපාරිකයා සහ තැරැුව්කරු පරීක්ෂාවට ලක්කොට ඔවුන් සතුව තිබු මැණික්ගල සහ මැණික්හා ස්වර්ණාභාරණ අධිකාරියෙන් නිකුත්කළ තහවුරු කිරිමේ සහතිකය, ජංගම දුරකතන දෙකක්ද රැුගෙන පලාගොස් තිබේ.
 
 රටට තුළ පැවැති කොවිඞ් 19 වසංගත තත්වය නිසා ප‍්‍රදේශවලට පනවා තිබුණු සංචරණ සීමා නිසා මෙම සිද්ධිය පිළිබද පොලිසියට පැමිණිලිකිරීමට අදාළ ව්‍යාපාරිකයාට හැකිවි ඇත්තේ නොවැම්බර් 16 දාය. මෙම පැමිණිල්ල පිළිබඳ විමර්ශනය පැවැත්වූ මාවනැල්ල පොලිසිය කොල්ලය සිදුකළ සැකකරුවන් 24 දා රාත‍්‍රි අත්අඩංගුවට ගෙන තිබේ.
 
 කොල්ලකෑ මැණික්ගල කොවිලකන්ද ප‍්‍රදේශයේ පදිංචි සැකකරුවකුගේ නිවසේ තිබී සොයාගෙන තිබේ. කොල්ලය සිදුකිරීමෙන් පසු වට්ටපල ප‍්‍රදේශයේ පදිංචි සැකකරුවන් සිවුදෙනෙක් එකතුවී මෙයට සතියකට ඉහතදී පිළිමතලාව නගරයේ එළවළු වෙළෙඳ සැලක්ද ආරම්භකොට තිබු බව පොලිසිය පවසයි.
 
 සැකකරුවන් හා නඩු භාණ්ඩ මාවනැල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත 25 දා ඉදිරිපත්කිරීමට නියමිතව තිබිණි.
 
 සබරගමුව හා ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප‍්‍රනාන්දු මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස් ප‍්‍රියන්ත චන්ද්‍රසිරි මහතාගේ උපදෙස් මත කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ. බී. කීර්තිරත්න මහතාගේ මෙහෙයවීමෙන් සහකාර පොලිස් අධිකාරි (1* ලක්දාස අබේගුණසේකර, මාවනැල්ල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක, අසේල කේ. හේරත්, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නන්දන කුමාර, පොලිස් පරීක්ෂක සමන් කුමාර, උප පොලිස් පරීක්ෂක ගුණදාස, පොලිස් සැරයන්වරුන් වන (28039* බණ්ඩාර, (32348* සමරසිංහ, පොලිස් කොස්තාපල්වරුන් වන (82350* අබේරත්න, (89083* රූපස්සර, (85965* විජේරත්න යන නිලධාරීන් විසින් වැටලීම සිදුකර සැකකරු අත්අඩංගුවට ගනු ලැබූහ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top