ගිනි ගත් නෞකාවෙන් සිදුවූ සාගර දූෂණයට අදාළ වන්දි ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක්
Wednesday, 25 November 2020 - 17:01 | Views - 342
නැගෙනහිර මුහුදේ පසුගිය දා ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ තෙල් කාන්දුවෙන් සිදුවූ සාගර දූෂණය සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීම අවසන් කිරීම පිළිබඳව නීතිපතිවරයා සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න කියා සිටියේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් සහ සිදුවූ සාගර දූෂණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ විද්වත් කමිටුව සමඟ එම සාකච්ඡාව සිදුකළ බවයි.
Share This Article