කළමනාකරණ සහකාර නිලධාරිනියට පහර දුන් ඉංජිනේරුවරයා ඇප මත මුදා හරී
Wednesday, 25 November 2020 - 14:57 | Views - 562
බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පොළ කාර්යාලයේ කළමනාකරණ සහකාර නිලධාරිනියකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි ඉංජිනේරුවරයා ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ, ඔහු ගම්පහ මහේස්ත්රාත් අධිකරණය වෙත අද පස්වරුවේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මෙහිදී අධිකරණය රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත ඔහු මුදා හැර තිබෙනවා.
පහර දුන් බව කියන ඉංජිනේරුවරයා අද උදෑසන ගම්පහ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පහර කෑ නිලධාරිනිය විසින් පොලීසියට කළ පැමිණිල්ලකට අදාළවයි.
Share This Article