හිටපු ජනපති සිංගප්පූරු ගියේ විනෝද වෙන්නද ?
Wednesday, 25 November 2020 - 14:05 | Views - 451

ප්‍රතිකාර ගැනීමට සිංගප්පූරු රෝහලකට යාමට තිබියදී තිරුපති වන්දනා කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය එල්ලවූ දින කිහිපයේ පෞද්ගලික සංචාරයක් කර තිබීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේ දී ප්‍රශ්න කෙරුණා.
මේ අතර අදත් හිටපු ජනාධිපතිවරයා සාක්ෂි ලබාදීමට ජනාධිපති කොමිසම වෙත කැඳවා තිබෙනවා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ සාක්ෂි ලබාදුන්නේ හත්වැනි දිනටයි.
එහිදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනීසිටින නීතිඥ දිල්ෂාන් ජයසූරිය මහතා හිටපු ජනාධිපතිවරයා වෙත හරස් ප්‍රශ්න යොමු කරමින් විමසා සිටියේ පාස්කු ප්‍රහාරය එල්ල වූ දින කිහිපයේ විදෙස් ගත වූයේ පෞද්ගලික සංචාරයක් සඳහාද යන්නයි.
එය පෞද්ගලික සංචාරයක් බවත් ඊට තම බිරිද හා දරුවන් එක් වූ බවත් තමන් එලෙස ගමන් ගත්තේ ප්‍රතිකාර ලබාගැනීම සඳහා සිංගප්පූරු රෝහලකට බවත් හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දෙමින් සඳහන් කළා.
නීතිඥ දිල්ෂාන් ජයසූරිය - හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු වෙනුවෙන් පෙනීසිටින නීතිඥ -
" ඔබ කියන විදියට ප්‍රතිකාර ගන්නනම් යායුතුව තිබුණේ සිංගප්පූරුවට. නමුත් ඔබ ලංකාවෙන් පිටවෙලා මුලින්ම ගිහින් තියෙන්නේ ඉන්දියාවේ තිරුපති වඳින්නනෙ ?"
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන -
" ඔව් මුලින්ම ගියේ තිරුපති "
නීතිඥ දිල්ෂාන් ජයසූරිය - හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු වෙනුවෙන් පෙනීසිටින නීතිඥ -
" තිරුපති කියන්නෙ ඉතා දුෂ්කර ගමනක්නෙ. බොහොම රෝගී තත්ත්වයක ඉන්න කෙනෙක්ට එහෙම දුෂ්කර ගමනක් යන්න බැහැනේ, නේද හිටපු ජනාධිපතිතුමා ?"
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන -
" මම ගොඩක් අමාරු, ඇවිදින්න බැරි ලෙඩකට බෙහෙත් ගන්න නෙවෙයි සිංගප්පූරු යන්න ගියේ. ඒ නිසා තිරුපති වඳින්න යන එක ප්‍රශ්නයක් නැ එහෙ පහසුකම් තියෙනවා. මම වාර්ෂිකව තිරුපති යනවා. සිංගප්පුරු ගියේ ඊට පස්සෙ. වෛද්‍ය පරීක්ෂණයක් කරගෙන ප්‍රතිකාර ගන්නයි ගියේ. "
නීතිඥ දිල්ෂාන් ජයසූරිය - හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු වෙනුවෙන් පෙනීසිටින නීතිඥ -
" ඔබ සිංගප්පූරු ගියේ විනෝද වෙන්න කියල සමාජ මාධ්‍ය හා මාධ්‍ය වාර්තා පළවුණා. ඔබ ඒවා අසත්‍යයක් කියල කිසිම දවසක ඒ ආයතනවලට දැනුම් දීලා නෑ නේද ?"
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන -
" මාධ්‍යවල යන ඒවා අපිට පාලනය කරන්න බැහැනෙ. "
අනතුරුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සාක්ෂි විමසීම අද පෙරවරුව දක්වා කල්තැබුණු අතර ඒ අනුව 8 වෙනි දිනටත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කොමිසමට පැමිණියා.
මේ අතර ඊයේ රාත්‍රියේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට පැමිණියේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන නිමල් ලිව්කේ මහතායි.
තමන්ව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආරක්ෂක උපදේශකයකු ලෙස පත්කර ඇත්තේ 2017 වසරේ සැප්තැම්බර් මාසයේදී බව සාක්ෂි ලබාදෙමින් ඔහු සඳහන් කළා.
කෙසේවෙතත් එම තනතුරට පත් කිරීමෙන් පසු එකම අවස්ථාවකවත් ආරක්ෂක රැස්වීම්වලට තමන් නොකැඳවූ බව සඳහන් කළ නිමල් ලිව්කේ මහතා වැඩිදුරටත් පැවසුවේ, වසරකට පමණ පසු තමන් මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට ගිය බවයි.
එහිදී රාජ්‍ය බුද්ධි සේවය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් ඒ වනවිට එහි අධ්යක්ෂව සිටි නිලන්ත ජයවර්ධන මහතා මීට පෙර එම ධූරයෙ සේවය කළ අය ළඟින්වත් තැබිය නොහැකි අඩු මට්ටමක සිටි බවත්, තමන් පැවසූ බව සාක්ෂිකරු සඳහන් කළා.
එහිදී ''හා හා හරි හරි මම බලන්නම්" යැයි මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසූ බවත් ඉන් සතියකට පසු තම සේවය අත්හිටවූ බවට හිටපු ජනාධිපතිවරයා විසින් ලිපියකින් දන්වනු ලැබූ බවත් නිමල් ලිව්කේ මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළා.
මේ අතර නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා ඊයේ රාත්‍රියේ දෙවන දිනටත් සාක්ෂි ලබාදීමට ජනාධිපති කොමිසමට කැඳවූවා.
රජයේ අධිනීතිඥවරයා -
" මේ කොමිසමට සාක්ෂි ඉදිරිපත් වුණා ඔබ සහරාන්ගේ පල්ලි දියුණු කරන්න උපකාර කළා කියලා..ෙ
එම්. එම්. ඒ. එම්. හිස්බුල්ලා - නැගෙනහිර හිටපු ආණ්ඩුකාර -
" නැහැ ස්වාමීනි ඒක බොරුවක්
රජයේ අධිනීතිඥවරයා -
" සහරාන් හෂීම් කාට පක්ෂවද වැඩ කළේ ?"
එම්. එම්. ඒ. එම්. හිස්බුල්ලා - නැගෙනහිර හිටපු ආණ්ඩුකාර -
" සහරාන් වැඩ කළේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට. 2015 මහමැතිවරණයෙන් පසු තිබුණ ජය සැමරුමකදී සහරාන්ගේ පිරිස ඇවිත් ගැටුමක් ඇතිකරගත්තා අපි සඟ එතනදි කිහිප දෙනෙක් තුවාල වුණා ඒ අතර සහරාන්ගේ මල්ලිත් හිටියා. සහරාන්ගෙ මල්ලිව බලන්න මඩකලපුවෙ රෝහලට මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් ආවා. ,
එහිදී සාක්ෂිකරු විසින් එම සිදුවීම සිදු වූ දිනයේම සහරාන් හෂීම් සිය ජාතික තව්හිද් ජමාත් සංවිධාන කාරියාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වන වීඩියෝවක් ජනාධිපති කොමිසමට ලබාදුන්නා.
මෙහිදී සහරාන් හෂීම් විරෝධතාව අතරතුර සඳහන් කරන්නේ " අපි යහපාලනයේ මෛත්‍රීට සහය දුන්නේ. මෛත්‍රී ගේන්න තමයි අපි සහය දුන්නේ. ඒ නිසා මේ ජාතික ලැයිස්තුවේන් හිස්බුල්ලා ගෙන ඒම වැරදියි.අපි ජනාධිපති මෛත්‍රීපාලට ෆැක්ස් එකක් යවනවා මේ ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරය හිස්බුල්ලට දෙන්න එපා කියලා" යනුවෙන් බව හිස්බුල්ලා මහතා කොමිසමට සඳහන් කළා.
Share This Article