දේශීයව යතුරුපැදි එකළස් කිරීමට සූදානම්
Wednesday, 25 November 2020 - 12:59 | Views - 4,423
දේශීයව යතුරුපැදි එකලස් කිරීම සහ යතුරු පැදි අමතර කොටස්  නිෂ්පාදනය කිරීම දිරිමත් කිරීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම කඩිනම් කරන ලෙස ඊයේ (24) යතුරුපැදි එකළස්කරුවන් සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ අතර පැවති සාකච්ජාවකදී අමාත්‍යවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නේය.

2019 වසරේ යතුරුපැදි ආනයනය සදහා ශ්‍රී ලංකාව රුපියල් බිලියන 42ක් වැයකර ඇති අතර අමතර කොටස් සදහාත් විශාල වියදම් දරා තිබේ.

යතුරුපැදි දේශියව එකලස් කිරීම සහ අවශ්‍ය උපාංග නිෂ්පාදනය දේශීය වශයෙන් සිදුකිරීම තුළින් එම ආනයන වියදම ඉතිරි කරගත හැකි බවත් ඒ සදහා තමන්ට හැකියාව ඇති බවත් යතුරුපැදි එකළස් කරන්නන් සහ උපාංග නිෂ්පාදකයින් අමාත්‍යවරයාට පෙන්වා දෙන ලදි. ඒ සදහා ඔවුන්ට අවශ්‍ය සහාය ලබාදෙන ලෙස ඔවුන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

උපාංග ආනයනය කිරීමට මාස 06ක කාලයකට අවසර ලබාදෙන ලෙස එකළස් කරන්නන් යෝජනා කලද යතුරුපැදි එකළස් කිරීම සහ උපාංග මෙරට තුලදී නිෂ්පාදනය කිරීම රජයේ ප්‍රතිපත්තිය සහ දිරිමත් කිරීම බව අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි. ඔවුන්ට අවශ්‍ය සියලු සහය ලබාදීමට මෙම සාකච්ජාවේදී අමාත්‍යවරයා පොරොන්දු විය.

රුවන් කාශ්‍යප
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top