ත්‍රිකුණාමල මුහුදේ ගමන් කරමින් තිබූ බෝට්ටුවක් පෙරළීමෙන් ධීවරයෙකු ජීවිතක්ෂයට
Wednesday, 25 November 2020 - 12:27 | Views - 359
ත්‍රිකුණාමල මුහුදේ ගමන් කරමින් තිබූ ධීවර බෝට්ටුවක් පෙරළීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
අද අලුයම මෙලෙස මිය ගොස් ඇත්තේ 40 හැවිරිදි ත්‍රිකුණාමලය - තිරිකඩලූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහුත් සමඟ එම බෝට්ටුවේ තවත් සිව් දෙනෙකු ගමන් කර ඇති අතර අනතුරෙන් ඔවුන්ට හානියක් සිදුව නැහැ.
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින නිවාර් සුළි කුණාටුව හේතුවෙන් මුහුදු නොයන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති අතර එය නොතකමින් මොවුන් මෙලෙස ධීවර කටයුතුවල නිරත වී ඇති බව ත්‍රිකුණාමල පොලීසිය සඳහන් කළා.
Share This Article