සේවිකාවට පහරදුන් බව කියන බස්නාහිර මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පොළ කාර්යාලයේ කළමනාකරු අත්අඩංගුවට
Wednesday, 25 November 2020 - 10:59 | Views - 609
බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පොළ කාර්යාලයේ කළමනාකරණ සහකාර නිලධාරිනියකට පහරදුන් බව කියන එහි කළමනාකාරවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පහරදීමට අදාළ දර්ශන අදාළ සේවිකාව විසින් වීඩියෝගත කර සමාජ මාධ්‍යයට මුදා හැර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති මගින් ද ඊයේ කරුණු අනාවරණ කළා.
මේ අතර, මේ පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් ප්‍රශ්න කළ අතර, රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා කියා සිටියේ අදාළ සිද්ධිය රජය විසින් හෙළා දකින බවයි.
Share This Article