සහෝදරයාගේ අමුතුම ඡායාරූප පෙළක්, whatsapp එකේ පැතිරවූ සරසවි සිසුවිය, පොලිසියේදී හඬා වැටෙමින් සියල්ල හෙළි කරයි
Wednesday, 25 November 2020 - 10:10 | Views - 664

විවාහක වැඩිහිටි කාන්තාවක් හා ළාබාල තරුණයෙකු අතර ඇතිවන සම්බන්ධය හුදෙක්ම ලිංගික ආස්වාදය සඳහාම පමණයි.
බොහෝ තරුණයින් විවාහක වැඩිහිටි කාන්තාවක සමඟ අඹුසැමි ඇසුරක් පටන් ගන්නේ පෙම්වතියකද සිටින අතරයි. පෙම්වතිය සුපිරිසිදුව සිටිය යුතුයි. ඇය ඉදිරියේදී විවාහ කර ගැනීමටයි. වැඩිමහලු පෙම්වතිය ලිංගික ආස්වාදයට පමණයි.
මේ කියන්නට යන්නේ සිය 24 හැවිරිදි අයියා වයස අවුරුදු හතළිහ පැනපු දෙදරු මවක් සමඟ පැවැත්වූ ඇසුර නැවැත්වීමට උත්සාහ කොට හිරේ විලංගුවේ වැටුණු නැගණියක් ගැනයි.
මෙම සිද්ධියේ කතා නායිකාව, සුනීතා ලෙස හඳුන්වමු. කතා නායකයා සඳුන්. මේ දෙදෙනාගේම ගම් ප්‍රදේශ වූයේ මාතර පොලිස් කොට්ඨාශයට අයත් තිහගොඩයි. සුනීතාගේ වයස අවුරුදු හතළිහක් වූ අතර ඇගේ පුත්‍රයාට අවුරුදු විසි දෙකයි. සැමියාගෙන් දික්කසාද වූ ඇය මැදපෙරදිග රැකියාවක නියැලුණා.
ඇය සඳුන්ව අඳුනා ගන්නේ මුහුණු පොත හරහායි. ෆේස්බුක් ඔස්සේ දෙදෙනා කතාබහ කළ අතර එය යම් තරමක් දුර දිග ගියා. අනතුරුව මේ දෙන්නා පෙම්වතුන් බවට පත්වූයේ වයස තරාතිරම කිසිවක් ගැන නොසිතමින්.
මේ වර්ෂයේ මුල් අවධියේ ඇය මෙරටට එන්නේ සඳුන් හමුවීමේ බලාපොරොත්තුව ඇතිවයි. ඒ ඔහු වැනි ළාබාල තරුණයෙකු හා ඇසුරට තිබූ කැමැත්ත නිසාමයි.
මෙරටට පැමිණි වහාම මේ දෙදෙනා හමුවුණා. පළමු හමුවීම හෝටල් කාමරයක සිදුවුණා.
සිය කායික අවශ්‍යතා සපුරාගෙන මහත් තෘප්තියට පත් ඇය ඔහුගේ සියලු ඉල්ලීම්වලට අවනත වුණා. ඇය එක් එක් ක්‍රමවලට ඉන්දවා නිරුවත් ඡායාරූප ලබා ගත්තේ ද ඇගේ කැමැත්ත ඇතිවයි.
ඔහු අනෙක් තරුණයන්ට වඩා බොහෝ වෙනස් අයෙකු වුණා. වෙන අය එවන් ඡායාරූප "බ්ල්ක්මේල්" කිරීමට යොදා ගත්තත්, ඔහු එම ඡායාරූප ඇය සමඟ එක්ව නරඹා සතුටු වුණා. අනතුරුව ඒවා ඇය ඉදිරියේදීම මකා දැම්මේ මෙය රහසක් වන ලෙසයි.
මේ දෙදෙනාගේ ඇසුර සඳුන්ගේ මව්පිය වැඩිහිටියන්ට ආරංචි වූ අතර ඔවුන් එයට තරයේම විරෝධය පළ කළත් සඳුන් ඒවා මායිම් කළේ නැහැ.
සුනීතාගේ පුතා ගම් ප්‍රදේශයේම තරුණියක හා විවාහ ගිවිසගෙන හිටියා. සඳුන්ගේ පවුලේ අය ඒ බව දැන සිටියත් සුනීතා හා පවතින සම්බන්ධය නැවැත්වීමට හැකි වූයේ නැහැ.
සඳුන්ගේ බාල සහෝදරිය විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්. ඇය ද අයියාගේ මේ සම්බන්ධයට දැඩි ලෙස විරෝධය පළ කළේ සුනීතාගේ පුතාත් අයියාත් අතර වයස් පරතරය ගැන පවා කියමිනුයි.
අයියා එහා මෙහා වෙන වෙලාවක් බලා ඇය ඔහුගේ දුරකථනය පිරික්සන්නේ ඔහුට අපහාස කොට හෝ මේ සම්බන්ධය නවතාලීමටයි.
එහෙත් දුරකථනයේ මේ දෙදෙනාගේ ප්‍රේම පුරාණයට අදාළ ඡායාරූප හෝ වෙන කිසිවක් පෙනෙන්නට තිබුණේ නැහැ. දුරකථනයෙන් ඉවත ලද දෑ රීසකල් බීන් එක සෝදිසි කළ ඇයට එදා කාමරයේදී ගත් සුනීතාගේ නිරුවත් රංගන ඇතුළත් ඡායාරූප හමුවුණා.
හදිස්සි වැඩිකමට ඇය කළේ එම ඡායාරූප සිය දුරකථයෙන් වහා වහා ඡායාරූප ගත කිරීමයි. පසුව අයියාට හසු වොනව අයුරින් ජංගම දුරකථනය සකසා ඇය පැත්තකට වූවා.
ඇය මුලින්ම කළේ මේවා ඇගේ ළඟම මිතුරියකට යැවීමයි. ඇයද ගමේ එකියක්. සුනීතාගේ පුතා විවාහ වීමට සිටින්නේ මේ මිතුරියගේ පවුලේ ළඟම පවුලක දියණියක් සමඟයි.
සඳුන්ගේ නැගණිය එනම් ළඟම මිතුරියගේ අවශ්‍යතාවය සපුරා දීම සඳහා ඇය එම ඡායාරූප සුනීතාගේ පුතාගේ පෙම්වතියගේ දුරකථනයට යොමු කළා.
එම ඡායාරූප දුටු සුනීතාගේ පුතාගේ පෙම්වතියට එක වර තරු දස දහස් ගණනක් පෙනි නොපෙනි ගියේ ඡායාරූප ගැන තදබල ලැජ්ජාවකුත් සමඟයි. මේ ඡායරූප ගැන පෙම්වතාට එනම් සුනීතාගේ පුතා සමඟ පවසන්නට වූයේ දැඩි පිළිකුලක් සමඟයි.
මේ බව සුනීතා දැනගන්නේ ඒ ඔස්සේ යි.
සිය පෙම්වතා ඡායාරූප ඩිලිට් කළා කීවාට බොරුවක් කරන්න ඇතැයි ඇය සිතන්නට ඇති. ඇය තිහගොඩ පොලිසියට ගොස් පැමිණිල්ලක් දමන්නේ ඉන් අනතුරුවයි.
මෙය නවීන තාක්ෂණය හා සම්බන්ධ පැමිණිල්ලක්. ඒ නිසා එහි විමර්ශන පැවරුණේ මාතර තංගල්ල තොරතුරු තාක්ෂණ ඒකකයටයි.
සුනීතා, සඳුන්, ඔහුගේ නැගණිය, සුනීතාගේ පුතාගේ පෙම්වතිය මෙන්ම ඇගේ දුරකථනයට ඡායාරූප එවූ තරුණියද විමර්ශන සඳහා පොලිසියට කැඳවනු ලැබුවා. සිය පෙම්වතාගේ අවංකභාවය සුනීතාට තේරුම් ගියේ ඉන් පසුවයි.
සඳුන්ගේ නැගණියගේ දුරකථනයේ ඒ ඡායාරූප සියල්ල අන්තර්ගතව තිබුණා. එබැවින් ඇය අත්අඩංගුවට ගත් අතර, ඇගේ මිතුරියන් ඡායාරූප ඩිලිට් කර තිබු නිසා මුදා හැරුණා.
ප්‍රශ්න කිරීමේදී ඇය පැවසුවේ තම වැඩිමල් සහෝදරයා පැටලී ඇති මේ සම්බන්ධය කඩා දැමීමට උත්සහ කළත් එය සාර්ථක නොවුණු තැන මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කළ බවයි.
ඔහු සිය නැගණිය ගැන පසුවන්නේ දැඩි වෛරයකින්. එසේම සුනීතාට සිද්ධ වූ දෙය ගැන ඔහු දැඩි ලෙස පශ්චාත්තාපයට පත්ව සිටිනවා.
අධිකරණයට ඉදිපත් කෙරුණු සැකකාරිය ඇප මත මුදා හැරුණේ කොරෝනා අවධානම හමුවේ බන්ධනාගාර පිරවීම භයානක නිසායි.
ඇයට එරෙහිව නඩුව ඉදිරියේදී විභාග වීමට නියමිතයි.
"තක්ෂිලා ජයසේකර" විසින් "මාංචු" පුවත්පතට ලියූ ලිපියක් ඇසුරිනි.
Share This Article