IDH රෝහලේ හෙදියකටත් කොරෝනා
Wednesday, 25 November 2020 - 9:35 | Views - 666
ජාතික බෝ වන රෝග විද්‍යා ඒකකය හෙවත් අයි.ඩී.එච්. රෝහලේ හෙදියකට කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තා වනවා.
අදාළ හෙදියට කොරෝනා ආසාදනය වී ඇත්තේ එම රෝහලේ ආසාදිතයෙකුගෙන් නොවන බවටයි මේ වන විට තොරතුරු අනාවරණ වී ඇත්තේ.
මේ අතර, මුව ආවරණ සහ මීටරේ දුර පවත්වා නොගත් පුද්ගලයින් 61 දෙනෙකු ඊයේ දිනය තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සමස්තය 588 දක්වා ඉහළ යන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ.
Share This Article