දිවුලපිටිය සහ පෑලියගොඩ කොරෝනා පොකුර, 17,000 ඉක්මවයි
Wednesday, 25 November 2020 - 8:36 | Views - 354
දිවුලපිටිය සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට 17,000 ඉක්මවා තිබෙනවා.

ඊයේ දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 459 දෙනෙකු වාර්තා වීමත් සමඟ දිවුලපිටිය සහ පෑලියගොඩ කොරෝනා පොකුර 17,436 දක්වා ඉහළ ගියා. ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 459 දෙනාගෙන් එක් අයෙකු කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙකු වනවා.

මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව දැක්වෙන්නේ 20,967ක් ලෙසයි. ආසාදිතයන් 5911ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 14,962ක්.

වේයන්ගොඩ, පත්තරගෙදර - ගුරු අභ්‍යාස විද්‍යාල පරිශ්‍රයේ නිරෝධායනයට ලක් කර සිටි මැනිං වෙළඳපොළ ආශ්‍රිත නාට්ටාමිවරුන් සහ කොළඹ ප්‍රදේශයේ යාචකයින් පිරිසකගෙන් 20 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

මේ වන විට නාට්ටාමිවරුන් 112 දෙනෙකු සහ යාචකයින් 8 දෙනෙකු නිරෝධායනය සඳහා එම අභ්‍යාස විද්‍යාල පරිශ්‍රයෙහි රදවා ඇති අතර, ඔවුන්ට සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයකදීයි මෙලෙස 20 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ.

එමෙන්ම විදේශ රටවල රැකියා සඳහා පිටත්ව ගොස් සිටි ශ්‍රී ලාංකිකයින් 198 දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ඊයේ මෙරටට පැමිණියා. ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 143 දෙනෙකු, මාලදිවයිනේ සිටි 53 දෙනෙකු, කටාර් රාජ්‍යයේ සිටි දෙදෙනෙකු මෙලෙස දිවයිනට පැමිණි බවයි ගුවන් තොටුපළ අප වාර්තාකරු සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top