කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසේ ඇති කළ අළු වඳුරෙකු පොලිස් භාරයට
Wednesday, 25 November 2020 - 8:31 | Views - 455
මීටියාගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසේ නීතිවිරෝධී අයුරින් කූඩු කර, ඇති කරමින් සිටි අළු වඳුරෙකු පෙරේදා (22) පොලිස් භාරයට ගත බව මීටියාගොඩ පොලිසිය පැවසීය.
පෙර දිනයක ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අදාළ ව්‍යාපාරිකයාගේ නිවසට ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරීන් හට මෙම කූඩු කර සිටි අළු වඳුරා දැකගන්නට හැකි වී ඇත.
එම අවස්ථාවේදී පොලිසිය එම අළු වඳුරා පොලිස් භාරයට ගෙන ඇති අතර අධිකරණ නියෝගයක් අනුව වඳුරා හික්කඩුව වනජීවී නිලධාරීන් හට භාර තිබේ.
අදාළ ව්‍යාපාරිකයා ඒ වන විටත් නිවසින් පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව මීටියාගොඩ පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
උපුල් මහේෂ් - වැලිවිටිය දිවිතුර
මව්බිම
Share This Article