ඊයේ නව කොරෝනා රෝගීන් 459ක්
Wednesday, 25 November 2020 - 8:21 | Views - 512
නව මරණ 4ක් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 94 දක්වා ඉහළ ගියා.

ඊයේ මිය ගිය රෝගීන් 4 දෙනා අතර පිරිමි පුද්ගලයින් 3 දෙනෙකු සහ කාන්තාවක් සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මෙලෙස කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මිය ගොස් ඇත්තේ මහර බන්ධනාගාර රෝහලේ සිට රාගම ශික්ෂණ රෝහලට මාරු කර එවීමෙන් පසුවයි. කොරෝනා ආසාදනයත් සමඟ පාචන රෝගී තත්ත්වයක් නිසා ඇති වූ ආසාදන තත්ත්වයක් හේතුවෙන් බහු අවයව අක්‍රීය වීම මෙම මරණයට හේතු වී තිබෙනවා.

54 හැවිරිදි මිය ගිය අනෙක් පිරිමි පුද්ගලයා සියඹලාපේ - දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදියි මිය ගොස් ඇත්තේ. මෙම මරණයට හේතු වී ඇත්තේ කොරෝනා සමඟ නිධන්ගත අක්මා රෝගයක් උත්සන්න වීම හා මොළය ඉදිමීමේ රෝගයක්.

42 හැවිරිදි බණ්ඩාරගම - අටළුගම ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙකු ද ඊයේ මියගොස් ඇති අතර පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට අයි.ඩී.එච්. රෝහල වෙත මාරු කර එවීමෙන් පසුවයි මොහු මෙලෙස මියගොස් ඇත්තේ.

ආඝාතය සහ කොවිඞ් නියුමෝනියා තත්ත්වය මෙම මරණයට හේතු වී තිබෙනවා. එමෙන්ම මිය ගිය කාන්තාව 73 හැවිරිදි කොළඹ - 15 ප්‍රදේශයේ පදිංචිකාරිණියක් වන අතර හෝමාගම මූලික රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරු කර එවීමෙන් අනතුරුව ඇය මෙලෙස මිය ගොස් තිබෙනවා.

නිධන්ගත වකුගඩු රෝගයක් කොවිඞ් 19 ආසාදනය සමඟ උත්සන්න වීම මෙම මරණයට හේතු වී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top